2013-10-06

නොමිලේ භාවිතාකල හැකි Download මෘදුකාංගයක්!!!!!!

  එක් අර්ථයකදී අන්තර්ජාලය යනු විසල් තොරතුරු ගබඩාවකි.දුර හා කාලය නොසලකමින් ලෝකයේ කොතැනක සිට හෝ ඒ විසල් දැනුම් ගබඩාවට එබී බලන්නට අන්තර්ජාලය වෙත සම්බන්ද වන ඔනෑම අයෙකුට ලැබෙන්නේ එක හා සමාන අවස්ථාවකි.එසේ භාවිතාකරන්නන් හට නිතරම අවශ්‍යවන  කාරනා අතර දත්ත ගොනු Download කිරීම ඉහලින්ම සදහන් වන කාරනාවකි.මේ වන  විට බ්‍රවුසරයන් සමග සංයුක්තවද මෙම Download මෘදුකාංග පැමිනෙන අතර යම් කෙනෙකුට වඩාත් සැකසුම් අවස්ථා ඇති එවන් මෘදුකාංගයක් අවශ්‍ය වන විට මිලදී ගත හැකි මෙන්ම නොමිලේ භාවිතාකල හැකි විකල්ප වේ.කලාතුරකින් අයෙකු මිලදී ගත යුතු මුත් එසේ නොකර වෙනස්කරන ලද මෘදුකාංග භාවිතයට පිවිසීම මෙවැනි මෘදු කාංග භාවිතාවකදී වඩත් අනතුරුදායක විය ජ්හැකි බවටයි හදාරන්නන් පවසන්නේ.
         පහත දැක්වෙන්නේ එසේ භාවිතාවට ගත හැකි download accelerator හා manager මෘදුකාංගයක් ලෙසට ක්‍රියාකරන නොමිලේ භාවිතාකල හැකි විවෘත ගනයේ විකල්පයකි. නිමැවුම් කරුවන් පවසන්නේ ගොනුවක් කොටස්වලට කඩා download කිරීම සමග සාමන්‍ය වේගයට වඩා 600 ගුනයක වේගයකින් විවිධ සර්වර් සේවාවන් ඔස්සේ විවිධ ගනයේ downloads සදහා මෙම මෘදුකාංගය සහය වනු ඇති බවකි. මෙම Free Download Manager 3.9.3 Build 1359 සමග පෙර හදුනා ගෙන තිබූ දුර්වලතා සැකසීම මෙන්ම නවාංග කිහිපයක්ම එක්කරමින් නිකුත්කරන්නට මෙහි නිපැයුම් කරුවන් කටයුතු කර ඇති බවකි.
http://files.freedownloadmanager.org/fdminst.exe

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...