2013-10-08

3D printing භීතිකාවක්ද වෙමින් ඇත!!!!!

  හදාරන්නන් පවසන්නේ තාක්ශනික අත්පත්කර ගැනීම් සමහර විටක සමාජීව අපහසුකාරී වාතාවරනයන් ඇති කරන්නටද විටක හේතුවන බවයි. මෑතකාලීන එවන් සිදුවීමක් ලෙසට ඔවුන් ඉස්මතුකොට පෙන්වන්නේ වේගයෙන් දියුනු වෙමින්පවතින 3D printing, machine learning හෝ  voice recognition වැනි තාක්ශනයන් ඔස්සේ ‍රැකියා අවස්ථා අවමවීමේ අනතුරක පිලිබදව සමාජයන් තුල යම් අපහසුකාරී හැගීමක් වර්ධනය වෙමින් ඇති බවකි.මෙම තත්වය කාර්මික විප්ලවය  සමග නැගුනු assembly lines වැනි භාවිතාවන් ඔස්සේ ‍රැකියා අහිමිවිම් වල තත්වයට වඩා වෙනස් බව හගවන ඔවුන් මෙම තත්වය digitization නැතිනම් automation ලෙසට නම් කොට සිටිනවා.මීට අමතරව වේගයෙන් වර්ධනය වෙමින් ඇති 3D මුද්‍රනය පිලිබදව බොහොවින් සමාජීය ප්‍රථිචාර නිර්මානය වේන් ඇති බවට යෝජනා කරන ඔවුන් 2016 පමන වන විට මිනිස් උපාංග නිර්මානය වීමේ තත්වය පිලිබදව අනතුරු අගවනවා.එසේම 2018 වන විට ඩොලර් බිලියන 100ක පමන බුද්ධිමය දේපල අයිතිය අහිමිවීමක් පිලිබදව 3D තාක්ශනයේ දියුනුවත් සමග සිදුවනු ඇති බවට අනතුරු අගවමින් සිටිනවා.තත්වය දෙස සුබවාදිව හදාරන්නන්ගේ මතය වන්නේ පරිගණකය සාමන්‍ය සමාජ ගතවීමේදී පවා මෙවැනි විරෝදී ආකල්ප සහිත මතවාද මතුවුවද තත්වය උපකල්පනය තරමට හානිකර බවක් දක්නට නොලැබුනු බවයි.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...