2013-08-06

Samsung Electronics වෙතින් 3D V-NAND flash තාක්ශනය සූදානම්ය

 එලබෙමින් ඇති දශකය දෙක අහවර වන විට මිනිසුන් පුදුමයට පත්කරවන දෑද වෙනස් වනු ඇත. එදින වන විට තම නිවසේ මුලුතැන් ගෙයෙහි ඇති කසල බදුනෙහි ඇති ද්‍රව්‍ය වෙතින් අපහසුතාවයක් ඇති කරන මට්ටමේ තත්වයන් ඇතිවිය හැකි නිසා වහා ඉවත්කරන ලෙසට ගෘහනියට දැනිම් දෙනු වස් එයට සවිකර කුඩා පරිගණකයට සමාන පරිගනක හැකියාවක් වූ උපාංගයක් දශක කිහිපයකට පෙර නිවසේ  ප්‍රධාන පරිගණකයව තිබූ බව අතීත වාර්තා ඔස්සේ දැන ගන්නා ඔවුන් පුදුමයට පත්වනු ඇත. එහෙත් මෙහි තවත් දිශානතියක් ඇත එනම් වසර කිහිපයකට පෙර විද්වතෙකු තම ප්‍රසිද්ධ දේශනයකදී පවසා සිටියේ "අද ඔබ අත ඇති කුඩා ස්මාර්ට් දුරකතනය සතුව ඇති පරිගණක හැකියාව ඒදා පලමු වරට මිනිස් වර්ගයාට තම සගයෙකු සඳ මත පියවර තබන්නට කටයුතු කිරීමේ එම මුලු ආයතනයම සතුව තිබූ පරිගණක හැකියාවටත් වඩා වැඩිය" බවකි.
              දවසින් දවස උපාංග ඉල්ලා සිටින්නේ වැඩි ගනන හැකියාවක් හා මතක හැකියාවකි. NAND flash memory  යනු ස්තීර මතකය ‍රැදවිම සදහා ඔබගේ පරිගණකයේ  දෘඩතැටියට වඩා කාර්යක්ශම තාක්ශනයක් ලෙසට පිලි ගැනෙන දියුනු වෙමින් ඇති තාශනයකි. ඔබ රදවන බිට් එකක් සදහා වඩාත් අඩු වැයක් සහිත මෙම තාක්ශනය සහිත උපාංග දැනටමත් ඔබගේ කැමරාව හෝ USB ඩ්‍රයිව් උපාංගය ඔස්සේ ඔබ වෙත පැමින ඇත.මෙහි වම දුරවල තාවය වන්නේ නැවත නැවත  එය භාවිතාකිරීමේදී එහි හැකියා මට්ටම අඩුවීමය.කෙසේ වෙතත් මෙම තාක්ශනය සමග උපාංගයේ මතක හැකියාව සදහා වෙන් කල යුතු ඉඩ ප්‍රමානය අඩුවීම අඩු ශක්ති වැය වැනි කාරනා ඔස්සේ දිනෙන් දින එය වැඩි වැඩි යෙන් සාමන්‍ය භාවිතාව වෙත පැමිනෙමින් ඇත.
                                       පසුගියදා ප්‍රකට Samsung ආයතනය පැවසුවේ තමන් ප්‍රථම වතාවට 3D ආකාරයේ Vertical NAND (V-NAND) පතක් නිකුත්කරන්නට සූදානම් බවකි. පෙර තාක්ශනයට වඩා දස ගුනයක් දක්වා ඔරොත්තු දීමේ හැකියාවක් හා නැවත භාවිතාකිරීමේ හැකියාව දෙගුනයක් දක්වා දියුනු කර ඇති මෙහි 25nm තාක්ශනය සමග ලබා ගන්නා ඉඩ ප්‍රමානයද අවම වන බවටයි පවසා සිටින්නේ.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...