වින්ඩෝස් RT පිලිබදව ඇති අඩු වෙලඳ පොල අවධානය RT උපාංග නිපදවන්නන් තවදුරටත් එම උපාංග නිපදවීමෙන් ඉවත්කර තබන්නට හේතුවෙමින් ඇති බවයි නවතම පුවත් පවසන්නේ. අද Asus ආයතනය නිල ලෙස පවසා සිටියේ තමන් තව දුරටත් ARM operating system සදහා වන උපාංග නිෂ්පාදනයෙන් ඉවත්ව සිටීමට තිර්නය කර ඇති බවයි. එම ආයතනය 2012දී වින්ඩෝස් RT සදහා උපාංගයක් නිකුත්කල අතර එය එතරම් සාර්ථක බවක් නොපෙන්වීම මෙම තීර්නයට හේතුවෙමින් ඇති බවටයි සටහන් වන්නේ. ආයතනයේ ප්‍රධාන විධායකයෙකු පවසා සිටියේ වින්ඩෝස් RT සමග පැරනි මෘදුකාංග ධාවනයට නොහැකිවීම මෙයට පලමු හේතුව ලෙස තමන් දකින බවයි.එසේම ඔහු පවසා සිටියේ තම ආයතනයේ පමනක් නොව සමස්ථ පරිගණක නිෂ්පාදකයින්ගේම අදහස වෙමින් ඇත්තේ වින්ඩෝස් RT සාර්ථක බවක් නොපෙන් වන මෙහෙයුම් පද්ධතියක් වන බවයි. Lenovo ආයතනයද තම වින්ඩෝස් RT උපාංගය අලවිය නතර කර දමන්නට පසුගියදා තීර්නය කොට තිබෙනු දක්නට ලැබෙනවා.කෙසේ වෙතත් NVIDIA ආයතනය අද පවසා සිටියේ තමන් මයික්‍රසොෆ්ට් සමාගම සමග එක්ව වින්ඩෝස් RT වල දෙවන පරම්පරාවේ පරිගණක නිෂ්පාදනය සදහ මේ දිනවල කඩිනමින් කටයුතු කරමින් සිටින බවකි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...
-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
