2013-08-09

Android Device Manager දැන් ක්‍රියාත්මකයි......

  ඔබ භාවිතාකරන ඇන්ඩ්‍රොයිඩ් උපාංගය අස්ථාන ගත වීමකදී සහයට එන්නට නියමිත Android on G+ මේ වන විට ක්‍රිආත්මක බවටයි සටහන් වන්නේ. ඔබ විසින් ඔබගේ ගුගල් ගිනුම ඔස්සේ මෙම අඩවිය තුල ගිනුමක් විවෘත කල පසු යම් අතපසුවක් ඔස්සේ ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගය අස්ථන ගතවීමක් සිදුවුන හොත් ඔබට කිරීමට ඇත්තේ යලිත් එම ගිනුමට ඇතුලුව  Device Manager  සංක්‍රිය කිරීම වන අතර එවිට එම උපාංග තම උපරිම හඩින් නාදවන්නට පටන් ගන්නා අතර එම මොහොතේ ඔබගේ උපාංගය silent mode තත්වයේ තිබුනද ගැටලුවක් නොවන බවටයි සටහන් වන්නේ. එසේම ඔබ අවසානාවන්තලෙස යලිත් එම උපාංගය අත්පත්කර ගැනීමේ සීමාවෙන් ඔබ්බෙන් සිටින බව තීර්නය කරන්නේනම් Device Manager  ඔස්සේ එම උපාංගයේ වන සියලුම තොරතුරු මකා දැමීමට හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ.එහෙත් ඔවුන් පවසන්නේ මෙම පහසුව සදහා ඔබගේ උපාංගයේ Android Device Manager service ස්ථාපනය කොට තිබීම අවශ්‍ය වනු ඇති බවයි.

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Microsoft  පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහ...