2013-08-09

බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම

...................මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට  පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු  අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ  පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි.   ස්තුතියි....  මම බීටාව. 
                                 @@@@සැබවින්ම එය අයත්වන්නේ කුමන ගනයට දැයි මමද නොදනිමි. එහි ඇත්තේ  උදාවන හෙට දිනයක බිහිවන අපූරු මිනිස් දිවියක් ගැන කෙරෙන උපකල්පනීය සටහන් පෙලක්ම පමනී. දියුනු තොරතුරු තාක්ශනය හසුරවන්නා වෙත අමතර මුහුනතක් ගෙන ඒමෙන් වැලකෙනු ඇත, භාවිතාකරන්නා හා එම අවකාශය අතර වන සම්බදය අවම ශක්තිවැයක් ඔස්සේ සිදුවනු ඇත,ඔනෑම අතර මැදි මුහුනතකදී සිදුවන අපතේ යෑම් වලින් තොරව හැකි උපරිම සංනිවේදනය ඔස්සේ වඩාත් සාර්තක හා පහසු දිවියක් එය ඔබ වෙත ගෙනෙනු ඇත වැනි ප්‍රබෝධය අවදිකල සංකල්පනා ඔස්සේ එය නිර්මානය වී ඇත.@@@@
www.siriwansa.com
 

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Microsoft  පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහ...