2013-08-09

වින්ඩෝස් 8.1 සමග සර්ෆේස් දෙවන පරම්පරාවේ උපාංගත් පැමිනේවි....

   මයික්‍රසොෆ්ට් සමාගම NVIDIA  සමාගම සමග එක්ව සර්ෆේස් ටැබ්ලට් පරිගණකයේ දෙවන  පරම්පරාවේ උපකරන නිපදවීමේ ව්‍යාපෘතිය මේ වන විට කඩිනමින් සිදුවෙමින් පවතින බවටයි තොරතුරු හෙලි වන්නේ. NVIDIA  ආයතනයේ ප්‍රධානියෙකු අද පවසා සිටියේ තම ආයතනය තුල Surface RT  මීලග සංස්කරනය සදහා කටයුතු සිදුවෙමින් ඇති බවයි. සර්ෆේස් උපාංගය දැනට භාවිතාකරන්නන් අතරට පිවිසීමේ අසාර්ථක බවක් පෙන්වන අතර මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය දිනවල එම උපාංගයන්ගේ මිළ අඩුකිරිමක්ද ප්‍රකාශ කරනු ලැබුවා.
        මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස්8.1 public preview versions නිකුත්කොට ඇති අතර බලාපොරොත්තුව වෙමින් ඇත්තේ වින්ඩෝස් 8.1 වල RTM version නුදුරෙදීම නිකුත් කරන්නට කටයුතු කරන බවටයි.මෑතකදී පුවත් සාකච්චාවකදී මයික්‍රසොෆ්ට් ආයතනයේ විධායකයෙකු පවසා සිටියේ එම මෙහෙයුම් පද්ධතියේ නිවැරදි කිරීම් මට්ටමේ දැනට ඇති බවකි. එලබෙන ඔක්තෝබරයේ  වින්ඩෝස් 8.1 වල අවසන් සංස්කරනය නිකුත්වනු ඇති බවට බලපොරොත්තු වෙමින් ඇති අතර සමහර විටක එය වින්ඩෝස් 8 නිකුතුවේදී සිදුවූවා සේම විශාල මට්ටමේ හමුවක් සමග සිදුවනු ඇති බවත් එදිනට පෙර කී නව පරම්පරාවේ සර්ෆේස් උපාංගයද එකි දක්වනු ඇති බවටත් විස්වාසය පල වෙමින් තිබෙනවා.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...