2013-08-09

ලිනක්ස් ඉලක්ක කරගත් ට්‍රෝජනයක් හදුනා ගැනේ!!!!

   මහත් සංහිදියාවක් සමග වූ මෙහෙයුම් පද්ධතියක්ව ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධති පිලි ගැනේ. හානිකරයන් මහත්සේ දුර්ලභ නොමිළේ භාවිතාකල හැකි මෙන්ම නවතම සංස්කරන සැලකීමේදී වාණිජ මෙහෙයුම් පද්ධති සමග කරට කර මට්ටමක සිටින නිමැවුමක් ඇති මෘදුකාංගයක් ලෙසට එය පිලිගැනේ. පලවන නවතම පුවතක් කනගා‍ටුදායක කාරනාවක් පවසා සිටී. එනම් රුසියානු මූලාශ්‍ර සයිබර් අපරාධ කරුවන් පිරිසක විසින් ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් ට්‍රෝජන් ආකාරයේ හානිකරයක් නිපදවා තිබෙන බවයි.
                                        banking Trojan ආකාරයේ හානිකරයක් ලෙසට සැලකෙන මෙම මෘදුකාංගය භාවිතා කරන්නෙකුගේ ලොගින් විස්තර ආදිය සොරා ගැනීම සදහා භාවිතාකරන අතර යනෙන වෙබ් අඩවි පිලිබදවද දත්ත සොරා ගැනීමට ක්‍රියා කරන බවටයි පැවසෙන්නේ. එසේම ඇන්ටි වෛරස අඩවි වෙත පිවිසීම අඩාල කිරීමට මෙම මෘදුකාංගය කටයුතු කරන බවටයි පවසා සිටින්නේ.එහි සංවර්ධයින් පවසා සිටින්නේ ලිනක්ස් මුලික සංස්කරන 15කට එරෙහිව එය අත්හදා බලා ඇති බවයි.ඒවා අතර Ubuntu, Fedora, හා Debian  ද වන බවට පැවසෙන අතර ප්‍රධාන පෙලේ වෙබ් බ්‍රවුසර කිහිපයක් ඔස්සේ සාරථක වූ බවටයි සටහන් වන්නේ. ඊමේල ඔස්සේ පැමිනෙන සැක සහිත සබදතා අවදි නොකිරීමටත් සමාජජාලා ආශ්‍රිතව උපංක්‍රමශීලීව පොලබවා ගැනීම් මග හැරීමත් වැදගත් ආරක්ශක පියවර වනු ඇති බවටයි හදාරන්නන් උපදෙස් දෙමින් සිටින්නේ.කෙසේ වෙතත් තවමත් වින්ඩෝස් සමග සැලකීමේදී ලිනක්ස් මූලික මෙහෙයුම් පද්ධති ආරක්ශාකාරී බවටයි පැවසෙන්නේ.

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Microsoft  පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහ...