2013-08-09

ඔබ විසල් පුරයක ගෞරවනීය පුරවැසියෙකි.......

  සමහර විටක ඔබ අන්තර්ජාලය මතට පිවිසෙන්නේ දවසේ පුවත් කිහිපයක් කියවා ගන්නට නැතිනම් ෆේස්බුක් වෙතට ගොඩවී හිතවතෙකු හිතවතියක හමුවන්නට පමනක් විය හැක.ලොව පුරා විසිරුනු සර්වරයන් විශාල ප්‍රමානයක ඔබගේ දෛනික මෙන්ම වෘතිමය ජීවිතය සරසාලන්නට බලාපොරොත්තුවෙන් වන අපමනක් කරුනු කාරනා ඔබ එනතෙක් බලාසිටින බව ඔබ නොදන්නවාද විය හැක.සමාන්‍ය සමාජයේදී වන්නාක් මෙන් ‍රැවටිලි කාරයන් නැතිනම් සමාජ දූෂකයින් එහිද වන බැවින් ඔවුනට විවර වීමට ඇති බියෙන් ඒ අපමනක් වටිනා අවකාශය මගහැර සිටින්න තීර්නය කර සිටිනවාද විය හැකියි.
                                          ඔබ නොදැන සිටියද ඔබ විසල් පුරයක පුරවැසියෙකු වී හමාරය. ගැබුරු සයුරට අහස සිබින  ගිරිදුර්ග වලින් තව දුරටත් සීමා නොවන විසල් අවකාශයක පුරවැසියෙකි. කාලය හා දුර යන සාදක මත පාලනය නොවන අපූර්ව පුරයක වැසියෙකි. අතිශය පූජනීය දෑ මතද වසුරු සලන මිනිසුන්ගෙන් කවදාත් සමාජය සමන්විතය. එවන්නන්ට බියෙන් ඔබ සමාජයෙන් සැගව සිටින්නට නොහැකි බව දන්නා සේම මෙම විශල් අවකාශයෙන් සැගව සිටින්නට තැත් දැරීම මහත් විසුලු කාරනාවකි. තවමත් සැබෑ අනන්‍යතාවය අත්‍යාවශ්‍ය නොවීම කාරනාවක් කර ගනිමින් අඩු තරමින් ව්‍යාජ ප්‍රොෆයිලයකින් වත් එය දූෂනය නොකරන්නෙක් නම් සැගව සිටින්නට ඇති හැකියාව ඔස්සේ තවකෙකු තලා පෙලන්නට තැත් දරන ගෝත්‍රික මනසක් නොදරන්නෙක් නම් ඔබ එන තෙක් හෙට දිනයේ මේ අපුර්ව සමාජ අවකාශය බලා සිටින බව අමතක නොකරන්න.

Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

  මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27)  කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව  87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්...