2013-08-09

මයික්‍රසොෆ්ට් මෙවර යාවත්කාලීන බදාදාට අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීන 3ක්!!

  මයික්‍රසොෆ්ට් සමාගම මෙවර සුපුරුදු මාසයේ යාවත්කාලීන බදාදාව සමග යාවත්කාලීනයන් අටකින් යුත් ගොනුවක් නිකුත් වන්න නියමිතය. එහි අතිශය වැදගත් critical මට්ටමේ යාවත්කාලීනයන් තුනකින්ද යුක්ත බවටයි ප්‍රකාශ කොට සිටින්නේ.ඔවුන් පවසන්නේ ඉන් එකක් සියලු මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සදහා අදාලවන ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා හි හදුනා ගෙන ඇති දුර්වල තාවයක් ඉලක්ක කොට ගෙන නිකුත්කොට ඇති බවයි.
                                                  අනෙක් වැදගත් මට්ටමේ යාවත්කාලීනය Windows XP Service Pack 3 හා Windows Server 2003 Service Pack 2  සංස්කරන වල හදුනා ගෙන ඇති දුර්වලතාවයක් ඉලක්ක කෝගෙන නිකුත්කොට ඇති අතර අනෙක් අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීනය Microsoft Exchange Server 2007, 2010 හා 2013 සංස්කරන සදහා අදාල වන බවටයි පවසා සිටින්නේ. අනෙකුත් යාවත්කාලීනයන් සියලුම සංස්කරන සදහා අදාල වන බවට පවසන මයික්‍රසොෆ්ට් ආයතන ඉන් කිහිපයක් සදහාඅ පරිගණකය නැවත පන ගැන්වීම අවශ්‍ය වනු ඇති බවටයි පවසා සිටින්නේ. මෙම නිකුතුව 13 වන බදාදා ට සිදුවන්නට නියමිතව ඇත.

Indonesia වෙන්ද දරුවන් සදහා අන්තර්ජාල භාවිතය සීමා කිරීම්.

  මෑතකදී කල හැදෑරීමක් පවසා සිටියේ Gen Z users (ages 12 to 27)  කාන්ඩයේ අන්තර්ජාල භාවිතාව  87% ක් වැනි ඉහහල අගයක වන බවයි. එසේම ලොවපුරා මොවුන්...