මයික්‍රසොෆ්ට් සමාගම තම වින්ඩෝස් ෆෝන් භාවිතාකරන්නන් වෙත නිකුත් කරන අනතුරු ඇගවීමකින් පැවසෙනේ තම දුරකථනයන් rogue WiFi hotspot ආශ්‍රිතව භාවිතයේදි කලපනාකාරී වන ලෙසටයි. අනාරක්ශිත WiFi hotspot සමග තම දත්ත උපාංග භාවිතය අනාරශිතබව දිගෙන් දිගටම පලවන මුත් මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තම මොබයිල් මෙහෙයුම් පද්ධති ආශ්‍රිතව හදුනා ගෙන ඇති නව දුර්වලතාවය ඔස්සේ පහසුවෙන් පහර දෙන්නෙකුට දුරකථනයේ ආරක්ශක පද සොරා ගැනීමේ හැකියාව පවතින බවයි.ආයතනය පවසන්නේ මෙම දුර්වලතාවය සදහා යාවත්කාලීනයක් නිකුත් නොකරන අතර භාවිතාකරනන් විසින් තම දුරකථනයේ සැකසුම් තුලින් අදාල WiFi hotspot වල සුරක්ශිත භාවය සහතික කිරීම අනිවාර්ය වීම ක්‍රියාත්මක කරන ලෙසයි.
