2013-08-07

නිරන්තර ජාලගත ජීවිතය සපැමින ඇත....

  නිරන්තර ජාලගත ජීවිතය සපැමින ඇත. උදැසන නිදි යහනෙන් ඔබට අවදිවීමට සහයවන ඔරලෝසුවේ සිට රාත්‍රියේ යහන් ගත්වන ඔබට සුවැති නින්දක් සදහා සහය වන සංගීත කාන්ඩයක් තොරාදීම දක්වා දෛනික කාරනා වලදී වඩාත් කාර්යක්ශම හා නිවැරදි සහයක් සදහා ජීවිතය වටා ඇති බොහෝ උපාංග ජාල ගතවිමේ අවශ්‍යතාවය වැඩි වැඩියෙන් පලවීම දක්නට ලැබේ. ඉන්දියාවේ වෙසෙන ඔබට නිව්යෝක් නුවර කර්යාල සේවකයෙකු වීම තවදුරටත් අරුමයක් නොවේ. දැත මතට සැහෙන උපාංගයක් ඔස්සේ ඉ‍ටුකර ගත හැකි සරල කාරනාවක් බවට එය පත්ව ඇත.
                      හුදු දෑසේ මානය, සවනේ මානය , ජීවිතයේ වපසරිය ලෙස පිලි ගැනෙන ජීවිතයෙන් ලෝකය අනෙක් කෙරවල අසුරු සැනින් නෙත්මානයට , සවන් මානයට ගෙනෙන දවස පැමින ඇත. ඔබ තවදුරටත් ප්‍රාදේශීය වැසියෙකු නොව ලොව වැසියෙකු බව එය තහවුරු කරදි ඇත.ඔබගේ චින්තන සීමාව , අත් දැකීම් සිමාව අසිමිත බව එය පවසමින් සිටී.වසර සිය දහස් ගනනක ජීවවිද්‍යාත්මක හුරු පුරුද්ද වූ ප්‍රාදේශීයවීම එලබෙන හෙට දිනයේ විසිත්ත කාබරය මැද මැවෙන සජීවී හා  ත්‍රිමානී  ලොව අන් කෙරවල පිලිබද පුවත් සටහන් සමග වෙනස් කරගන්නට කාලය පැමින තිබේ.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...