2013-08-14

Outlook.com මුලින්ම පැමිනි අයට තු‍ටු පඬුරු.........

   මයික්‍රසොෆ්ට් සමාගම තම Outlook.com ඔන් ලයින් ඊමේල් සේවාව හදුන්වා දී වසරක් පිරෙන ලදී. තම පැරනි ඊමේල් සේවාව වූ හොට්මේල් වල විට භාවිතාකරන්නන්  නව සේවාවට කැදවන ලදී. අවසානයේ තම නව සේවාවේ පෙර සංස්කරන යුගය අවසන් කරන ලද්දේ තම සියලු පැරනි ඊමේල් සේවාවන් භාවිතාකරන්නන් නව සේවාව යටතට අනිවාර්යෙන් පමුනුවා ගනිමිනි.
            මයික්‍රසොෆ්ට් සමාගම මෙම සතියේ තම Outlook.com සමග එක්වූ භාවිතාකරන්නන් වෙත ඊමේල යවමින් පවසා සිටියේ තම වෙත තම සේවාව හදුන්වාදුන් මුල් සතිය තුල එක්වූ භාවිතාකරන්නන් සදහා ත්‍යාගයක් පිරිනමන්නට තමන් සූදානම් බවකි.ඉන් එකක් වන්නේ ස්කයිඩ්‍රයිව් හි අමතර ගිගා බයිට 3ක ඉඩක් ලබා ගැනීම සදහා  promo code  ලබදීමක් හා ස්කයිප් හි එක්වරකට දහයක් දක්වා භාවිතාකරනන් සදහා Skype group video calling  පහසුව ලබා ගන්නට අවසතාව ලබා දීම ලෙසටයි. පලමු පහසුව වසරක් දක්වා ලබා දෙන අතර භාවිතාකරන්නේකුට සාමාන්‍යයෙන් ලැබෙන ලැබෙන අවකාශය සමග ගිගා බයිට 10ක ඉඩම් මේ සමග ලැබෙන බවටයි නිවේදනය වූවේ. එසේම ස්කයිප් අමතර පහසුව මාසයක් සදහා පැය දහයක කාලයක් ලෙසටයි සටහන් වන්නේ.මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ තමන්ගේ Outlook.com සේවාව ලබන්නන් මිලියන 400ක් පමන වන බවත්ය.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...