2013-08-08

ඉදිරියේදී Outlook.com හි messaging history folder ඉවත් වනු ඇත

  මයික්‍රසොෆ්ට් සමාගම තම Outlook.com වෙබ් සේවාව හදුන්වාදී වසරක් සම්පූර්න වෙමින් පවතින අතර නිකුත්කරන නවතම නිවේදනයකින් පැවසෙන්නේ තම ඊමේල සේවාව සමග වන messaging history folder  මෙම වසර අවසානය වන විට ඉවත්කිරීමේ සැලසුමක තමන් වන බවයි.මෙම ෆෝල්ඩරය  තුල භාවිතාකරන්නෙකුට  -IMs - Messenger, Facebook Chat හා Google Talk වැනි පහසුකම් සමග කල හුවමාරූන්ගේ අතීතය රදතා තැබීමේ හැකියාව ලබා දී තිබුනා. ආයතනය පවසන්නේ අවශ්‍ය භාවිතාකරන්නන් ඉහත ෆෝල්ඩරයේ වන දැ පිටපත් කර ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසු වන බවයි.ඔවුන් වැඩි දුරටත් පවසන්නේ Skype messaging  පහසුව තම Outlook.com වෙතට ‍රැගෙන ඒමේදී ඉහත පියවර ගන්නට තමන්ට සිදුවන බව ඒමයි. Outlook.com තුල නව ෆෝල්ඩරයක් නිර්මානය කොට ඉහතකී ෆෝල්ඩරයේ වන දැ පිටපත් කොටගෙන එය බාහිරට පිටපත්කර ගැනීමෙන් අවශ්‍ය අයවලුන් සදහා එම දත්ත සුරක්ෂිත කර ගැනීමට හැකිවන අතර මයික්‍රසොෆ්ට් ආයතනය එම ෆෝල්ඩරය ඉවත් කිරීම සදහා තවමත් ස්ථිර දින නියමයක් කර නැති බවටයි පැවසෙන්නේ.

AI මුසු Smartphone සමග වැඩි ප්‍රබෝධයක්.

  හදාරන්නන් පෙරනිගමනය කරමින් සිටින්නේ 2028 පමන වන විට mid-range ස්මාර්ට් දුරකථන වලින් 9/10 ක් පමනම AI-capable මට්ටමින් පැමිනෙන්නට නියමිත බවක...