2013-08-03

Moto x සමග ස්මාර්ට් දුරකතනය ස්පර්ශක තිරයෙන් ඔබ්බට

  මෝටරොලා හා ගූගල් එකතුව මොබයිල් ලොවට නව ඇරබුමක් ගෙනෙමින්  ස්මාර්ට් දුරකථනයක් හදුන්වාදීම මේ වන විට සිදුව තිබෙනවා. ඔවුන් පවසන්නේ තව දුරටත්  දත්ත උපාංග ඇගිලි තුඩු මෙහෙයුමක් බලාපොරොත්තුවීම යල් පැන ගිය කාරනාවක් වෙමින් ඇති බවයි. තවදුරටත් උපාංගය හා හඬ සබදතාවය ආයාසයෙන් අවදිකර ගත යුතු ඇප් මෘදුකාංගයක් හරහා නොව ස්වභාවයෙන්ම උපාංගය සමග පැමිනිය යුතු කාලය පැමින ඇති බවයි විචාරක මතය වන්නේ. ඇපල්හි Siri නැතිඅම් ගූගල් හි google now  වැනි පහසුකම් වඩාත් පුලුල්ව භාවිත ජීවිතයට පැමිනෙන කාලය එලබ ඇති බවටයි ඔවුන් පවසන්නේ. ඔබ මාවතේ ඇවිදයන මොහොතක හමුවන කෙනෙකුගෙන් වාචිකව විමසන යමකට ඔබගේ සාක්කුවක සිටින ස්මාර්ට් දුරකථනය පිලිතුරු දෙන දිනය වැඩි ඈතක නොවුනු ඇත ඔවුන් වැඩි දුරටත් පවසා සිටිනවා.
          ඇත්තෙන්ම එය නිෂ්පාදන මට්ටමේ සිටම වෙනසක් ‍රැගෙන එන්නක්. ඔවුනගේ අඩවියට පිවිසෙන ඔබට සිතැගි පරිදි මෝස්තර තොරාගැනීමේ අවස්ථාව ලැබෙන අතර පූර්න ඇමරිකානු නිෂ්පාදනාක් ලෙසට දින කිහිපයක් තුල නිවසටම පැමිනෙන උපංගයක් වනවා. ඔවුන් පවසන්නේ පවතින ස්මාර්ට් දුරකතන වල ඇති අංගයන් සමග තරග කරනවා වෙනුවට වෙනස් ආකාරයේ ඇරයුබක් තම Moto x ‍රැගෙන ඇති බවයි.නව ප්‍රොසේසර් හැකියාව-X8- , අවම බල භාවිතාව, ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය , gogle now වලට වඩාත් ගැලපෙන සේ ප්‍රොසෙසර් මට්ටමේ සිට කර ඇති ගොඩ නැගීම ඔවුන් අවදාරනය කර සිටිනවා.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...