2013-08-10

ජීමේල් සමග ගූගල් Gspam ද කරන බවට මයික්‍රසොෆ්ට් පවසයි.......

  ජිමේල් භාවිතාකරන්නන් තම inbox වෙත ලැබෙන සමහර ඊමේලයන් ගූගල් වෙතින් සිදුකෙරෙන වෙළඳ ප්‍රවර්ධන සබදතා අඩංගු ඒවා වන බවට චෝදනාවක් එල්ල වෙමින් පවතිනු දක්නට ලැබෙනවා. මයික්‍රසොෆ්ට් සමාගම තම ඊමේල් තරග කරුවා වෙත මෙම සිදුවීම් ඇසුරින් චෝදනා කර සිටින්නේ ඒවාට Gspam ලෙසට නම් කරමිනුයි. ඔවුන් පවසන්නේ සාමන්‍යයෙන් ඊමේල් සේවා සැපයුම්කරුවා තම සේවාව භාවිතාකරන්නන් spam වලින් ගලවා ගැනීම සිදුකල යුතු මුත් ජිමේල් වල සිදුවෙමින් පවතින නව ප්‍රවනතාවය වන්නේ ඔවුනගේ ලාභය වෙනුවෙන් භාවිතාකරන්නන්ගේ ඉමේල අනවසරයෙන් පිරික්සමින් හදුනාගන්නා අනන්‍යතා ඔස්සේ තම වෙළඳ  දැන්වීම් අඩංගු ඊමේල පවා යොමුකරමින් සිටින බවයි. මයික්‍රසොෆ්ට් සමාගම පවසමින් සිටින්නේ මෙම කරදරකාරී ජීමේල හැසිරිමෙන් මිදෙන්නට වසරක් සපිරෙමින් ඇති තම www.Outlook.com වෙතට පැමිනෙන ලෙසටයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...