2013-08-10

සමහර විට ඔබටත් වඩා ඔබ ගැන තොරතුරු ඔවුන් දන්නවා!!!

  සයිබර් අවකාශය ගැන හදාරන්නන් පවසන ප්‍රකට කියමනක් වන්නේ " දැන් ඔබ එය පවසමින් සිටින්නේ ලගම හිතවතෙකුට මහත්  රහසින් වන්නට පුලුවන.එහෙත් ඊලග නිමේශයේදී මුලු ලොවම එය දැන ගත්තද තීරනාත්මකව ඔබට බල නොපාන දේ පැවසීම සදහා පමනක් එය භාවිතා කරන්න" යන්නයි. සයිබර් අවකාශය තුලදී අප සිතනවාට වඩා අපව හැදෑරෙමින් තිබෙන බව ඔවුන් අපට යෝජනා කරමින් සිටිනවා.වෙළඳ අරමුනු වලන් මෙන්ම රාජ්‍ය අරමුනු වලින් එය සිදුවෙමින් පවතින මුත් සමහර විටක සරල මට්ටමේ පහරදෙන්නෙකු අතට උවත් ඒවා පත්වීමේ අනතුරක් තිබෙන බවයි හදාරන්නන් පවසන්නේ. ඔබ ෆේස්බුක් තුල යම් ඡායාරුවක් පලකොට ඊලග නිමෙශයේදී එය මකාදැමුවද ඔබ හිතන තරම් පහසුවෙන් එය මැකී නොයන බව තමයි සත්‍යය වන්නේ.ඔවුන් පවසන්නේ අප සමාජ ජාලාවක යම් ඡායාරුවක් පල කරන විටම අදාල ආයතනයේ කොන්දේසි රාශියකට ස්වක්‍රීයවම එකග වන බවත් ඒවාව අනූව එම ඡායාරුව පිලිබද බොහෝ අයිතීන් එම ආයතනයට හිමිවන බවයි.ඔබ පසුව මකා දැම්මද එය ගබඩාකොට තබා ගැනීමේ අයිතිය ඔවුන් සතුවන්නට ඉඩ ලැබෙන බව භාවිතාකරන්නන් තේරුම් ගත යුතු බවටයි යෝජනා කරන්නේ.
                     සැබෑ තත්වයනම් අපගේ ලැප්ටොප් පරිගණකය දැනට භාවිතාකරන ස්ථානය පමනක් නොව එය මේ වන විට කොතරම් වේලාවක් භාවිතාකරමින් සිටිනවාද? එහි අඩංගු මෘදුකාංග මොනවාද? ඔබ ප්‍රියකරන වෙබ් අඩවි මොනවාද පමනක් නොව එහි බැටරියේ බලය ගැන පවා විටක හැදෑරෙමින් තිබෙන බව අමතක නොකල යුතු බවටයි පැවසෙන්නේ. සමහර විටක ඔබ නොසිතන ,පල නොකර සිටින කරුනු පවා ඔබගේ මිතුරන් ඇසුරින් මෙම ආයතන විසින් සොයාගන්නට කටයුතු කරන බව ඔවුන් පෙන්වා දෙනවා.බොහෝ විටක වෙළඳ හා රාජ්‍ය මට්ටමෙන් සිදුවන මෙම තොරතුරු ‍රැස්කිරීම්  පහර දෙන්නෙකු අතට පත්වීමද එතරම් විරල නොවන බව ඔවුනගේ මතයයි.

January 2025 Windows ස්ථාපන ගැටළුවක්.

Microsoft  පවසන්නේ තම January 2025 Windows යාවත්කාලීනය ස්ථාපනයේදී සමහර භාවිතාකරන්නන් සදහා ගැටළු සහගත වීමක් අත්විඳිමින් සිටින බවයි. ඔවුන් පැහ...