2013-08-12

Google Play Store වලදී කල්පනා කාරීවන්න.....

  අන්තර්ජාලයේ ආරක්ශාව පිලිබදව කටයුතු කරන ආයතනයක් පසුගියදා පවසා සිටියේ  Google Play Store තුල 70000 අදික අනතුරුදායක මට්ටමේ ඇප් මෘදුකාංග තමන් හදුනාගෙන ඇති බවයි. තත්වය පැහැදිලි කරන එම ආයතනය පවසන්නේ ඇන්ඩ්‍රොයිඩ් භාවිතාකරන උපංග වලින් 99% ආසාධිතව පැවතීමේ විශාල අවදානමක් ඇති බවයි. බොහොමයක් හානිකරයන් උපාංගවල භාවිතාවන ජනංප්‍රිය මාටමේ ඇප් වලට සමානව නිම වන හානිකරයන් සහිත ඒවා වන බවත් FAKEBANK  යන්නට බහුලව දක්නට ලැබෙන හානිකරයක් ලෙසටත් ඔවුන් පවසනවා. උපාංගවල භාවිතාවන බැංකු ගිනුම් සබදතා සදහා  අමතර මාර්ග විවර කිරීම -shortcuts to mobile banking programs- ඒවා අතර බහුල බවටයි පැවසෙන්නේ.
            මේවා ඒවායේ මුල් මෘදුකාංගයසේම භාවිතාකරන්නා සදහා සේවය සපයන මුත් හානිකරවන්නා සදහාද පිටපතක් යවමින් සූක්ශමව හැසිරෙන බවටයි ඔවුන් පෙන්වා දෙන්නේ. සංවර්ධය වෙමින් පවතින රටවල මෙම ව්‍යාජ ඇප් භාවිතාව බහුලවම දක්නට ලැබෙන බවත්  එම රටවල් අතර Vietnam, Brazil හා UAE  ඒතර ඉහලින්ම වන බවටත් සටහන් වෙනවා. තම වෙළඳ  අරමුනු සහිතව මෙම හදෑරීම් සටහන එම ආයතනය නිකුත්කරන්නට ඇති බවට විචාරකයින් පවසන මුත් ඔවුන් පවසන ආරක්ශක අවධානමනම් අවතක්සේරු නොකල යුතු බවටයි ඔවුන් පවසන්නේ. දැනටමත් ෆේස්බුක් සදහා නිකුත්ව ඇති dodgy version  බාගත නොකරීමට කල්පනා කාරීවන ලෙස මේ වන විටත් භාවිතාකරන්නන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...