2013-08-05

පරිගණකයෙන් ලොවට එබෙන කවුලුවයි එය.....

     ලොව පරිගණක භාවිතාකරන්නන් අතර ‍තෝරාගෙන භාවිතාකිරීමට ඇති මෘදුකාංග අතරින් වෙබ් බ්‍රවුසරයට හිමි වන්නේ ප්‍රධානතම තැනකි. සමස්ත පරිගණක භාවිතාවම වේගයෙන් අන්තර්ජාල ගතවීමේ ප්‍රවනතාවය තුල වුවද තවමත් වෙබ් බ්‍රවුසරය ඉතා වැදගත් තැනක සිටින බව හදාරනනන්ගේ මතයයි. මෙලෙස වැඩිම භාවිතාවක් ඇති බ්‍රවුසරයේ ආරක්ශිත බවද වඩාත් වැදගත්වේ. බාහිර දත්ත අවකාශය පරිගණකයට යාකරන බ්‍රවුසර කවුලුව අනාරක්ශිතවීම භාවිතාකරන්නා වඩාත් අනතුරට විවර කරන්නක් විය හැක.හදාරන්නන් පවසන්නේ 100%ක ආරක්ශිත බව තහවුරු කෙරෙන බ්‍රවුසරයක් ප්‍රායෝගිකව හමු නොවන බවය.කිසිසේත්ම අනාරක්ශිතවීමට ඔබට අවශ්‍ය නම් වෙබ් අවකාඅශයට විවෘත නොවීම එකම ආකාරය බව ඔවුන් පවසනවා.  එහෙත් ආරක්ශිත බව සැහෙන දුරකට ‍රැකෙන පරිදි අන්තර්ජාල ගතවීමට වැදගත් වන පියවරවල් කිහිපයක් ඔවුන් යෝජනා කර සිටිනවා.
                                                 සංකීර්න මෘදුකාංගමය ගොඩ නැගීමක් වන බ්‍රවුසරය හොදින්ම යවත්කාලීනව තබා ගැනීම වැදගත් වනවා.හොදින් යාවත්කාලීන මෙහෙයුම් පද්ධතියක් සමග එසේ පවතින විට තත්වය වඩාත් සුරක්ශිත බවටයි සැලකෙන්නේ. එහෙත් එතැනින්ම කාරනය අවසන් නොවන්නේ socially engineered  ආකාරයට එනම් ඔබව පොලබවා ගෙන ඔබ ලවා යම් සබදතාවයක් අවදිකරවා ගෙන හානිකරයක් පරිගණකය මතට ස්ථාපනය කරන්නට හානිකරන්නන් කටයුතු කරන බැවිනි.විටක ඔබ හොදින්ම හුරු පුරුදු වෙබ් අඩවියක පවා ඔබ වෙත  හානිය පමුනවන්නෙකු වීමට හැකි වන්නේ එම වෙබ් අඩවි හිමිකරුවන් පවා නොදැන පහරදෙන්නන් විසින් ඒවා තුලට පිවිස විවිධ ආකාරයේ හානිකරයන් ඒම අඩවි තුලට ගෙනෙන්නට කටයුතු කරන නිසාය. තවත් විටක ඔබට අදහා ගත නොහැකි තරමේ වාසිගෙනෙන පනිවිඩයක් ‍රැගෙන ආ ඊමේලයක් ලෙසට පෙනී සිටිමින් ඒවා විවෘතකරන්නට පොලබවා ගන්නවා සේම fake browser plug-ins හා ව්‍යාජ ඇන්ටිවෛරස ලෙසට ඒ හානීන්ට ඔබ වෙතට පැමිනෙන්නට හැකිය. සමස්තයක් ලෙස සලකන විට ලොව හොදම යැයි ඔබ විස්වාස කර ආරක්ශක මෘදුකංගයේ ‍රැකවරනය යටතේ හොදින්ම යාවත්කාලීන මෙහෙයුම් පද්ධතියක් සමග හොදින් යාවත්කාලීන වෙබ් බ්‍රවුසරයක් සමග වුවත් කල්පනාකාරීව නොවී වෙබ් අවකාශයේ සරන ඔබවෙත අනතුරු පැමිනීමේ හැකියාව අවසන්ව නැති බව අමතක නොකල යුතු බවයි මතක තබා ගත යුත්තේ.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...