2013-08-04

පරිගණකය තුලින් ඩිජිටල් දුහුවිලි ඉවත්කරන්නට මෘදුකාංගයක්!!!

  දෛනික භාවිතාවතුල පරිගණකය තුලද අනවශ්‍ය ගොනු එක් ‍රැස්විම සිදුවේ. අනවශ්‍ය රෙජිස්ට්‍රි ආදියෙන් පරිගණකයේ වේගය අඩුවීම , ගැටලුකාරී හැසිරීම් පෙන්වීම වැනි තත්වයන් මතුවිය හැක. නිරෝගී පරිගණක භාවිතයක් බලාපොරොත්තුවන ඔබ පරිගණකය අවට පිරිසිදුව තබා ගැනීම මෙන්ම එය තුල වන දුහුවිලි ආදිය කාලයකට වරක් ඉවත්කිරීම මෙන්ම  දෘඩ තැටිය තුල එක්වන ඩිජිටල් කුනු රොඩු ඉවත්කර තැබීමත් වැදගත් වේ.මේ සදහා ඔබට පරිගණක වැඩසටහන සහය ලබා ගැනීමට සිදුවන අතර පහත දැක්වෙන්නේ එවන් අවස්ථාවන් වලදී ඔබගේ සහයට පැමීනිය හැකි නොමිළේ භාවිතාකල හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගයේ සැකසුම් ඔස්සේ කාලයකට වරක් එවැනි ඉවත්කිරීම් ස්වංක්‍රීයව සිදුකර ගැනීමට සකස් කර ගත හැක.මෙම මෘදුකාංග ලෝකයේ ප්‍රධාන පෙලේ තාක්ශන මාධ්‍ය ආයතනයන්ගේ අනුමැතියක් ලත් ඒවා වන අතරම සෑම විටක එම මෘදුකාංග අදාල නිෂ්පාදකයින්ගේ වෙබ් අඩවි වෙතින්ම ලබා ගන්නට යොමු කරනු ඇත හැම විටම නිවැරදි භාවය පිලිබදව  සැලකිලිමත් වන නමුදු ඔබගේ අවධානයද නිරන්තරයෙන් අවදිව තබා ගැනීම වැදගත් බව මතක් කරනු කැමැත්තෙමු. ස්ථාපනයේදී සැලකිලිමත්ව අනවශ්‍ය ටූල් බා අදීය මග හරින්නට කටයුතු කිරීම ඔබ සතු වගකීමකි.සුපුරුදු පරිදි මෙම මෘදුකාංගය ලබා ගැනීම සදහා ප්‍රධාන වෙබ් අඩවිය වන  www.siriwansa.com  වෙත පිවිසෙන්න.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...