2013-08-03

ඉන්දියානු මිතුරිය හා මා අතර වූ මිතුදම හා අවබෝදය වැඩි වෙමින් තිබිනි (දත්ත මිනිසා)

      කාර්ය බහුල වන විට ජීවිතය ගලාගෙන යන්නේ නෙත් පියන් සලන තරමේ වේගයකිනි. පලමු දැවසර අවසානයට කෙමෙන් අප ලංවෙමින් සිටියෙමු. තොරතුරු තාක්ශනයේ අපූර්ව සංකල්ප බොහොමයක් විමසා අවසන් වෙමින් තිබිනි. හුදු විෂය ගැන අවදිවූ කුතුහලය විසින් මෙහෙයවන අධ්‍යාපනය වෙහෙසක් නොගෙනෙයි. එය සැබවින්ම වෙනත් මානයක දිවෙන සංචාරයක් මෙනි. හැගෙන කරුනින් කරුන මනස තුල මවන්නේ මහත් තෘප්තියකි.කෙමෙන් ආයතනයට පැමිනීම අත්‍ය අවශ්‍ය නොවන නිදහස ලැබෙමින් තිබිනි. නිවසේදිම ටීටාව ඔස්සේ හෝ රූපවාහිනිය හා සම්බන්දවී දේශක තුමාගේ ත්‍රිමානීය පිලිබිගුවක් සමග දේශන වලට සහභාගීවීමේ අවස්ථාව වැඩි වෙමින් තිබිනි. එනමුත් සාමූහික අවබෝධය වඩාත් වටිනාබව වැඩි වැඩියෙන් හැගෙන්නට වන බැවින් අප බොහෝ දෙනා අධ්‍යාපන භූමිය වෙත පැමිනෙන්නට පෙලබුනාය.තීරනාත්මක අවසාන විභාගයක් වැන්නක් නොවන බැවින් අවබෝධයට අවශ්‍ය මානසික නිදහස හැම විටම අප වටා තිබින.
                                 ඉන්දියානු මිතුරිය හා මා අතර වූ මිතුදම හා අවබෝදය වැඩි වෙමින් තිබිනි. ටීටාව අපගේ මානසික මෙන්ම ජීව රසායනයන් හදුනා ගනිමින් අප ඉඩදෙන ප්‍රමනය දක්වා අපට සහය දෙමින් සිටිනි.ඉපැරනි චලන පටවල පෙන්වන ආකාරයේ හුදකලා තැන්වල තනිවෙනවාට වඩා අප එකිනෙකා වෙත වන ආකර්ශනයෙන් වන අවදිය තොරතුරු අවකාශයේ නව මංපෙත් වෙත විහිදවාලමින් අවදි වන නව නිව් රෝන රටා ගෙනෙන සතුට විදින්නට හා අවබෝදය පුලුල් කරගන්නට සහය වෙමින් තිබිනි.දැනට භාවිතාවන හිස මත සවිවන සංවේදක ඔස්සේ ටීටාවට හා සම්බන්ද වනවා වෙනුවට දුරස්තව පවතින ටීටාවේ සංවෙදකයක් වෙතට වඩාත් හුරුකල මනසක් ඔස්සේ සම්බදවීමේ හැකියාව ක්‍රමයෙන් අප විනෝදංශයක් ලෙස හදාරමින් සිටියෙමු.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...