2013-08-15

ගූගල් සෙයුම් යන්ත්‍රය ඔස්සේ පෞද්ගලික තොරතුරුද පහසුවෙන්????

  අන්තර්ජාලයට පිවිස නොදන්නා තොරතුරක්  සොයා යන්නට පමනක් සහය වන සෙයුම් යන්ත්‍ර භාවිතාවන කාලයක්ද විය. තවදුරටත් එය එසේ නොවීම වෙගවත්ව වෙනස් වෙමින් ඇත. අන්තර්ජාලයට ජීවිතය වඩාත් විනි විදයන්නට අවශ්‍ය වී ඇත.හුදු තොරතුරක් සොයා දෙන්නෙකුගේ සිට දෛනිකව ජීවිතයේ සහකරුවෙකු වන්නට එයට අවශ්‍ය වී ඇතුවාක් මෙනි.
                ගුගල් සෙයුම් යන්ත්‍රය යනු බහුලතම භාවිතාවක් ලබන සෙයුම් යන්ත්‍රය ලෙසට පිලි ගැනේ.ඔවුන් පවසා සිටින්නේ අලුතින් මුදා හැරමින් ඇති අංගයක් සමග වාචිකව හෝ සටහන් කිරීම මගින් සෙයුම් යන්ත්‍රය ඔස්සේ ඔබගේ ඉදිරි ගුවන් ගමනට අදාල තොරතුරු නැතිනම් ඇනවුම් කර ඇති උපාංග අඩංගු පාර්සලය පැමිනෙන්නේ කියටද යන වග වැනි තොරතුරු අසා සිටින්නට හැකි වනු ඇති බවයි.ගූගල් පවසනේ ඔබ එවැනි තොරතුරක් විමසූ විට සෙයුම් යන්ත්‍රය ඔබගේ ඊමේල් තුල හෝ ගූගල් ප්ලස් ඔස්සේ සොයාබලා එම තොරතුරු ඔබට ලබා දෙන්නට හැකිවනු ඇති බවයි. පසුගිය තායිලන්ත සංචාරයේදී ලබා ගත් ඡායාරූ වැන්නක් පවා විමසන්නට හැකිවන අතර එවිට ෆේස්බුක් වැනි සමාජ ජාලාවක විමසමින් එම තොරතුරු ලබා දෙන්නට ගුගල් සෙයුම් යන්ත්‍රය සූදානම් බවටයි පවසා සිටින්නේ.ගූගල් ආයතනය පවසන්නේ මෙම නව පහසුව ඇමරිකාවේ භාවිතාකරන්නන් සදහා මේ වන විට ක්‍රමයෙන් මුදා හැරෙමින් ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...