2013-08-04

Avast හා Windows Defender..

   හොදම ආරක්ශක මෘදුකාංගය කුමක්ද යන්න ගැටලු සහිත කාරනාවකි. එය කාලයෙන් කාලයට වෙනස් වන්නකි.පහර දෙන්නන්ගේ තාක්ශනයන් ආරක්ශක මෘදුකංගයේ අභ්යන්තර යාන්ත්‍රනයේ ස්වභාවය ප්‍රමුක බොහෝ සාධක මත ඒය පාලනයවේ. නොමිළේ ලැබෙන ආරක්ශක මෘදුකාංග සාමාන්‍ය භාවිතාකරන්නෙකු සදහා සෑහෙන බවට බොහෝ විචාරයන් වන සහතිකයද නොසැලකිය නොහැකි බවයි ප්‍රායෝගික ලෝකය පෙන්වා සිටින්නේ.
                               Avast යනු බහුල භාවිතාවක් ඇති නොමිලේ මෙන්ම මුදල් ගෙවා ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයකි. පසුගියදා ප්‍රකට මාධ්‍ය ආයතනයක් මෙම නොමිලේ භාවිතාකල හැකි avast සංස්කරනයක් හා මයික්‍රසොෆ්ට් ආයතනයෙන් නිකුත්කරන නොමිළේ භාවිතාකල හැකි Windows Defender   මෘදුකාංග අතර සැසදීමක් කර තිබුනා.මුලින්ම ඔවුන් පවසා තිබුනේ avast හා Windows Defender  වල මුහුනත් සැසදීමේදී Windows Defender  මෘදුකාංගයේ මුහුනත තුලව සරල බව භාවිතාකරන්නා හට පහසුවක් වන බවයි.එනමුත් Avast වල ඇති ආරක්ශක උපාංග සැලකීමේදී සිකියුරිට් එසෙන්ෂල් වලටවඩා වැඩි යමක් ඇති බවයි ඔවුන් පැවසුවේ. Avast සමග ඒන “AutoSandbox”  තාක්ශනය සැක සහිත මෘදුකාංගයක් ධාවනය කිරිමට ආරක්ශිත ඉඩක් ලබාදීමේදී භාවිතාකරන්නාට ලැබෙන පහසුව.එසේම පරිගණකය ගැටලුමය අවස්ථාවකදී remote assistance feature  ඔස්සේ දුර බැහැර වෙසෙන හිතවතෙකුගේ සහය ලබා ගන්නට හැකිවීම කැපී පෙනෙන ප්‍රවනතාවයක් බවයි ඔවුන් පැවසුවේ.
                           එක සමාන දත්ත ඉඩක් පිරික්සීම සදහා යන කාලය සැලකීමේදී Avast ඉදිරියෙන් සිටින බවට පවසන ඔවුන් Windows Defender  සමග අවසාන වරට පිරික්සන ලද ගොනුවක් වෙනස් නොවී තිබියදී පවා යලි පිරික්සුමට ලක් කරමින් කාලය අපතේ යැවීමක් සිදුවන බවටයි ඔවුන් පෙන්වා දුන්නේ.සමස්ථයක් ලෙස Avast හා  Windows Defender   අතර වේගයේ වැඩි වෙනසක් නොපෙන්වන බවටයි ඔවුන් යෝජනා කරන්නේ.එම ආයතනය මෙම මෘදුකාංග දෙකටම එරෙහිව මැල්වෙයර් එකතුවක් ක්‍රියාත්මක කිරීමේදී Avast දෙගුනයක සාර්තකත්වයක් පෙන්වූ අතර පෙර සැකසුම් දුර්වලතා -zero-day threats- වලදීද Avast ඉදිරියෙන් සිටින බවටයි සටහන් වූවේ.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...