2013-08-14

අවසානයේ Adblock ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා වෙතටද නිකුත්වේ..

  එහි ඇත්තේ නිම නොවන සංවාදයකි.එක් කොටසක් පවසන්නේ වෙළඳ දැන්විම් භාවිතාකරන්නන් වෙත මහත් අපහසුවක් ‍රැගෙන එන බවකි.විටක ආක්‍රමනශීලීව පැමිනෙන දැන්වීම් භාවිතාකරන්නන්හට බලහත්කාරලෙස බලපාන බව අසත්‍යයක්ද නොවේ.තවත් පිරිසක් පවසන්නේ වෙළඳ දැන්වීම් වලින් තොරව තම නොමිලේ සේවාවන් පවත්වාගෙනද යා නොහැකි බවකි.වෙබ් අඩවි නඩත්තු කිරීම සදහා වෙළඳ දැන්වීම් අත්‍ය අවශ්‍ය බව ඔවුන් පවසා සිටියී. තවත් අපූරු පිරිසක් පවසන්නේ අන්තර්ජාලය තුල සියල්ල නොමිළේ සිදුවිය යුතු බවකි. වඩාත් අපූරු කරනය වන්නේ එසේ පෙනී සිටින බොහෝ අයවලුන් තම සමාජ ජිවිතය තුල එක් සතයක කාරනාවක් වත් සමාජය වෙනුවෙන් නොමිළේ ලබාදෙන්නටද අකමැති වීමය.
                  මෑතකාලයේ මහත් සංවාදයට ලක්වූ මෙම කාරනය වඩාත් තීව්‍ර වූවේ බ්‍රවුසරයන් සදහා දැන්වීම් වලකන මෘදුසහයන් පැමිනීමට පටන් ගැනීමය. add-ons ලෙසට පැමිනෙන ප්‍රකට මෙවන් මෘදුකාංගයක් Chrome හා Firefox බ්‍රවුසරයන් සදහා සහය දැක්වුවද explora සදහා විවෘතව නොතිබිනි. ඔවුන් පවසන්නේ මාස 6ක කාලයකට පසුව explora සදහාද Adblock සංස්කරනයක් නිකුත්කරන්නට තමන්ට හැකිවූ බවයි. වෙළඳ දැන්වීම් යනු බ්‍රවුසර පවත්වාගෙන යන සමාගම් වලද ප්‍රධාන ආදායමක් ලෙසට සැල කෙන අතර ගූගල් සමාගම තම දැන්වීම් සදහා ඉහතකි බලපෑම සිදුවන සේ සැකසීම සදහා මුදල් ගෙවීමක් සිදුවූ බවට වන ආරන්චියද පසුගිය කාලයේ පැතිර ගොස් තිබිනි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...