2013-08-04

වින්ඩෝස් 8 විස්ටා සේ අසාර්ථක වීමේ අනතුරක්!!!

    වින්ඩෝස් විස්ටා යනු මයික්‍රසොෆ්ට් සමාගමෙන් නිකුත්වූ අසාර්ථකම මෙහෙයුම් පද්ධතිය ලෙසටයි තවමත් පිලි ගැනෙන්නේ. 2007දී සිදුවූ මෙම  නිකුතුවෙන් පසුව ගතව ගොස් ඇති බොහෝ කාලයකින් අනතුරුවද අද වන විට එහි භාවිතය ඉතා අඩු අගයක පවතිනවා. මෑතකදී බාහිර ආයතනයක් පවසා සිටීයේ වින්ඩෝස් 8 හි භාවිතය තවමත් සමස්ත PC භාවිතයෙන් සියයට 5.40ක පවතින බවයි. නිකුතුව සිදුවී වසරකට ආසන්න වෙමින් පවතිද්දීත් මෙතරම් අඩු අගයක වින්ඩෝස් 8 පැවතීම පිලිබදව මයික්‍රසොට් ආයතනය දැඩි කනස්සල්ලක සිටින බවටයි තොරතුරු හෙලි වන්නේ, පසුගිය මැයි මාසයේ ආයතනය පවසා සිටි පරිදි OEM බලපත්‍ර මිලියන 100ක් නිකුත්වුවද සංක්‍රීයව භාවිතාවන ප්‍රමානය ඉන් බෙහෙවින් අඩු බවටයි මෙම හදාරන්නන් පවසන්නේ.ඔවුන් පවසන්නේ දලලෙස මිලියන 88.5ක දල භාවිතයක් වින්ඩෝස් වෙත ඇති සැබෑ භාවිතය විය හැකි බවයි.
           වින්ඩෝස් 8 නිකුත්ව ගතව ගොස් ඇති කාලය හා සමාන කාලයක් ගත වෙද්දී වින්ඩෝස් 7 වෙත පැමින තිබූ භාවිතාකරන්නන් ප්‍රමානය සමස්ත PC භාවිතයෙන් 14.86% වූ අතර එය වින්8 ලබා ඇති භාවිතය හා සැසදීමේදී තෙගුනයක සංක්‍යාවක් වනවා.පසුව වින්ඩෝස් 8.1 නමින් වින්ඩෝස් 8 වෙත දියුනු කිරීම් රාශියක සමග නව නිකුතුවක පෙර සංස්කරනයක් මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට නිකුත් කර ඇති අතර හදාරන්නන් පවසන්නේ මේවන විට එම සංස්කරනය වින්ඩෝස් 8 වලට වඩා මද ප්‍රගතියක් පෙන් වමින් සිටින බවයි

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...