2013-06-08

පැමිනියාට ස්තුතියි.....

       අඩවියක වෙත පැමිනෙන්නන් 200000ක් ඉක්මවීම වර්ථමානයේ අරුම පුදුම කාරනයක්ම නොවීම සැබෑවකි. තාක්ශනික යාන්ත්‍රන ඔස්සේ දෛනිකව එවැනි පැමිනීම් සංක්‍යාවක් ලබා ගැනීම මුදල පිලිබදව හෝ හැදෑරීමට කාලය වැයකිරීම පිලිබදව කාරනයක්ම පමනී. තොරතුරු තාක්ශනය වැනි විෂයක් ඔස්සේ හුදු හදාරන්නන්ගේ සීමාවට ඔබ්බෙන් සටහනක් තබමින් විවෘත අවකාශයක් ඔස්සේ කියවන්නන් පිරිසක කැදවාගන්නට සමත්වීම නම් මද මුත් අපූරත්වයක් ඇති කාරනාවක ලෙස මම සිතමි. විටක තාක්ශනික දැක්ම තවමත් තොරතුරු අවකාශය පාලනය කරන එකම පෙරනය ලෙසට විස්වාස කරමින් පලකිරීම් සගවමින් අත්හැර දමමින් වැනි නෙක බාදාකිරීම් සමග උවද මෙවැනි පිරිසක් කැදවා ගැනීමට ඔවුන් දුන් සහය අමතක නොකිරීමද ඉතා වැදගත්ය.
                    වින්ඩෝස්8.1 වැනි නව ප්‍රවනතා භාවිතාකරන්නන් හට ආරාධනා කර සිටින්නේ තාක්ශනික බව ගිලී ගොස් සුමට දෛනික භාවිතාවකට තොරතුරු උපකරන තවදුරටත් මැලි නොවන බවකි. විවිධ අංගයන් තම සීමා සගවා ගනිමින් භාවිතාවට ප්‍රමුකත්වය දෙමින් සුව පහසු භාවිතාකරන්නා වැදගත් බව තමන් පිලිගන්නා බව පැමිනෙමින් ඇති සියලු තොරතුරු අංගයන්ගේ තේමාව බවට පත්වීම සතුටට කරුනකි. යම් යම් ගැටලු පැවතියද ලෝකයම එකම යායක් කරන්නට වඩාත්ම සාර්ථකව සමත්වුනු තොරතුරු තක්ශනය මිනිසා වෙත නැවත සිතා බලන්නට බොහෝ දේ ‍රැගෙන විත ඇත.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...