2013-06-07

වින්8.1 සමග ඇගිලි සලකුනු අනන්‍යතා තහවුරුව ඔස්සේ පැරනි ඩෙස්ටොපෙක වෙතද කෙලින්ම යා හැක....

         කෙමෙන් පරිගණකය සාමන්‍ය ජීවිතය විනිවිද යමින් තිබෙන විට තවත් දිසාවකින් පැමිනෙන ගැටලුව වන්නේ භාවිතාකරන්නාගේ අනන්‍යතවය තහවුරු කර ගැනීමට වඩාත් විස්වාසනීය ක්‍රමවේදයක අවශ්‍යතාවයයි. අවසර පදයක් භාහිර අයෙකුට නැවත සොයා ගැනීම කාලය පිලිබද ගැටලුව පමනක් වෙමින් පවතින බවට එක දෙසකින් හදාරන්නන් පවසනවිට තත්වය වඩාත් තීරනාත්මකවෙමින් ඇත. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියේ වින්ඩෝස්8.1 සමග ඇගිලිසලකුනක මයින් භාවිතාකරන්නාගේ අනන්‍යතාවය තහවුරු කරන්නට ඉඩ සැලසීම තමන් සලකා බලමින් සිටින බවයි.ඔවුන්පැවසුවේ දැනටමත් දත්ත උපකරන සමහ්ග මෙම පහසුව පැමින තිබුනද ඒවා විදිමත් තත්වයක නොමැති බව සැලකීමේදී  වඩාත් විධිමත් ක්‍රමවේදයක් ගොඩනැගීමට තමන් කටයුතු කරන බවයි.
                                             පසුගියදා මයික්‍රසොෆ්ට් ආයතනය කල ඉදිරිපත්කිරීමකදීද වින්ඩෝස්8.1 සමග භාවිතාකරන්නෙකුට තම ඇගලි සලකුන ඔස්සේ තම ගිනුමට ඇතුලුවීමට සහය වන ඇප්ලිකේෂනයක ඩිමෝ සංස්කරනයක් ඉදිරිපත්කල අතර ඉදිරිපත්කරන්නා පවසා සිටියේ උපාංගය වෙත තම ඇගලි සලකුන ඔස්සේ අනන්‍යතාවය තහවුරුකිරීමේ ක්‍රමවේදය ඔස්සේ පහසුවෙන් හා වේගයෙන් දත්ත උපකරනයේ තම ගිනුම වෙත පිවිසෙන්නට හැකි වෙනු ඇති බවයි.
                                                 එසේම තවත් ඉදිරිපත්කිරීමකදී ආයතනය තහවුරු කර සිටියේ වින්ඩෝස්8.1 සමග භාව්තාකරන්නාට කෙලින්ම "සයින් ඉන්" ක්‍රියාවලියත් සමග පැරනි සුපුරුදු ඩෙස් ටොප් එක මතට "බූට් වන්නට" හැකි වනු ඇති බවයි. භාවිතාකරන්නෙකුට පරිගණකයේ සැකසුම් සමග මෙම හැකියාව ‍තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇති බවටයි එහිදී ප්‍රකාශවූවේ.

 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...