2013-06-09

වර්තමාන හිතොපදෙශයේ ජංගම උපාංග ගැන මෙසේ වනු ඇත.....

      සැබවින්ම ඔබගේ මොබයිල් උපාංගය නියෝජනය කරන්නේ ඔබගේ සැබෑ ජංගම දත්ත භාවිතාවද?? නැතිනම් වෙළඳ පොල උපංක්‍රම ඔස්සේ ඔබ වෙත පැමින ඇති තත්වය නිරූපනය කිරීමේ අවශ්‍යතාවයද යන්න කවරදාවත් ඔබ විමසා තිබේද? තත්වය වඩාත් දරුනු වන්නේ ඔබ නිරූපනය කරන්නට කැමති සමජ තත්වය පහසුවෙන් නියොජනය කිරිමේ මාර්ගයක් ලෙසට ඉතා අපහසුවෙන් නඩත්තු කරන මොබයිල් දත්ත උපාංගයක් නඩත්තු කිරිම කොතරම් ප්‍රායෝගිකද යන්නය. යමෙක් වර්ථමාන හි‍තෝපදේසය සංස්කරනයක් ලියන්නේ නම් මෙවැනි වැකියක් එහි අඩංගුවීමට ඇති අවස්තාව බෙහෙවින් ඉහලය එනම්" තාරුන්‍යයේ දරුව ඔබ වෙත එන පෙම්වතා හෝ පෙම්වතිය පිලිබද තක්සේරුව ඔහු හෝ ඇය අතැති ජංගම උපාංගය මත්තේ තීර්නය කිරීම යක්ශයා සමග එකගවීමක් බව පසුව ඔබ තේරුම් ගන්න්නා විට පම වූවා වැඩි විය හැක"...
        හදාරන්නන් විමසන ප්‍රශ්නයක් වන්නේ ක්වාර්ඩ් කෝර් ප්‍රොසෙසරයක් සහිත ජංගම උපාංගයක් ඔස්සේ එහි භාවිතාකරන්නාට කුමක් කල හැකිද යන්නය. ඔබ එහි ප්‍රොසෙසර් හැකියාවෙන් සියයට අනූවකම අපතේ යවනවා හැරෙන්නට විකල්පයක් නැති බවයි ඔවුන් යෝජනා කරන්නේ. වෙබ් බ්‍රවුසිං , ෆේස්බුක් , ‍ටුවිටර් , ඇන්ග්‍රි බර්ඩ් වැනි භාවිතාවන් සදහා ඔබගේ පෙර ජංගම උපාංගය අසමත්වූවේ නිනම් විටකදැයි නැවත විමසන ලෙසට ඔවුන් යෝජනා කරයි.
                              දෙවන තලයේදී ඔවුන් විමසන්නේ ඔබගේජංගම උපාංගය සමග එන බොහෝ ඇප් ‍රැගෙන විත් ඇති පහසුකම් කොතරම් දුරට ප්‍රායෝගික ජීවිතයේ භාවිතාවෙමින් තිබෙනවාද යන්නයි. සෞක්‍යය මනා ලෙසට පවත්වාගෙන යාමට සහය වන ඇප් මෘදුකාංග ඔස්සේ ලැබෙන උපදෙස් කොතරම් බාවිතාකරමින් සිටිනවාද ඔවුන් විමසමින් සිටී. ප්‍රධාන දත්ත උපාංගයේ ජංගම සහකරුවා ලෙසට ක්‍රමයෙන් ප්‍රබල භූමිකාවකට සපැමිනිමින් සිටින ඔබගේ ජංගම දත්ත උපාංගය කෙරෙහි මීට වඩා අවධානයෙන් විමසමින් එය ඔබගේ ජීවිතයට ‍රැගෙන එන පහසුව විදගන්නට සූදානම් වන ලෙසටයි ඔවුන් සාමාන්‍ය භාවිතාකරන්නන් වෙත ආරාධනා කරමින් සිටින්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...