2013-06-06

යාහූ වෙනස්වීම ඇරබේ....

        යාහූ යනු වෙබ් අවකාශයේ කීර්තිමත්ම නාමය ලෙසට පැවතුන යුගයක් විය.කෙමෙන් තත්වය වෙනස්වී මේ වනවිට යාහු යනු ඇමරිකාවතුල සෙයුම් අඩවියක් ලෙසට භාවිතාවන තෙවන අඩවිය බවට පත්ව ඇත.එනම් ගූගල් ගෙනෙන ගූගල් සෙයුම් යන්ත්‍රයට හා මයික්‍රසොෆ්ට් හි බින් සෙයුම් යාන්ත්‍රනයට පි‍ටුපසට සටහන් වෙමිනි.යහූ ආයතනය ඊයේ පවසා සිටියේ තම සෙයුම් යන්ත්‍රය නවීකරනය කර ඇති බවකි. එනම් සෙවුමක ප්‍රථිපල වඩාත් සාර්ථකව දැක්වෙන ලෙසට හා එම යාන්ත්‍රනය වඩාත් වේගවත්ව ක්‍රියාත්මක වන ලෙසිනි. යාහු ආයතනය පවසන්නේ තම නවීකරන ක්‍රියාවලියේ ආරම්භයක් ලෙසට මෙම වෙනස්කම් සැලකීම වැදගත් වන බවයි. එලබෙන මාස කිහිපය තුල වඩාත් වෙනස්කම් තම අඩවිය වෙත ගෙනෙන්නට තමන් සැලසුම් කර ඇති බවකි.
                    යාහූ සෙවුම් පි‍ටුවේ පසු පසින් සිටින සැබෑ යාන්ත්‍රනය වනුයේ  මයික්‍රසොෆ්ට් බින් සෙයුම් යාන්ත්‍රනය වන අතර ඒ සදහා මයික්‍රසොෆ්ට් යා යාහු අතර වන දස වසරක ගිවිසුමෙහි අතර මැද කාලයක් ගෙවෙමින් පවතිනවා. පලවන නවතම පුවත් පවසන්නේ යාහු ආයතනය මෙම දසවසරේ එකගතාවයෙන් මිදෙන්නට මේ වන විට සැලසුම් කරමින් සිටින බවයි.

US වල TikTok තහනම.

කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...