2013-06-06

ස්කයිප් හි ඩෙස්ටොප් සදහ වන 6.5 සංස්කරනය....

       ඔබ භවිතාකරන මෘදුකාංගයන්ගේ නව සංස්කරන හා යාවත්කාලීනයන් යනු හුදු වෙළඳ උපංක්‍රමයක් ලෙසට සැලකීම තුලින් ඔබ මහත් ගැටලු කැදවා ගැනීමේ අවස්ථාවක් උදා කර ගනී. ආයතනයක් තම මෘදුකාංගයක නව සංස්කරනයක් හෝ යාවත්කාලීනයන් නිකුත් කරන්නේ බොහෝ විට හදුනා ගත් දුර්වලතාවයන් සදහා පිලිසකර ගෙන එන්නට මෙන්ම නව අංගයන් තම මෘදුකාංග වෙත ගෙන එන්නට වීම පිලිගත යුත්තකි.එයිනුදු බහුල භාවිතයක් මෘදුකාංග සදහා මෙම නියමය වඩාත් යතාර්තයකි.මෘදු පහර දෙන්නන් තම ඉලක්ක ලෙස බහුල භාවිතයක් ඇති මෘදු කාංග ‍තෝරා ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම එයට හේතුවයි.
           ස්කයිප් යනු එවැනි බහුල භාවිතාවක් ඇති ලොව පුරා දසලක්ශ ගනනක භාවිතකරන්නන් ඇති පුද්ගල මට්ටමේ සිට ආයතනික මට්ටම දක්වා නොමිලේ මෙන්ම මුදල් ගෙවා භාවිතාකල හැකි සංනිවේදන පහසුවකි. හඬ පහසුව, කෙටි පනිවිඬ මෙන්ම පටිගතකල පනිවිඬයක් දක්වා වන පරාසයක සංනිවේදන හැකියාවක් මෙම සේවය ඔස්සේ ලබා දෙමින් සිටී. ස්කයිප් ඩෙස්ටොප් භාවිතකරන්නන් සදහා වන 6.5 සංකරනය මේ වන විට භවිතාකරන්නන් වෙත ලබා ගන්නට හැකි බවටයි ආයතනය පවසන්නේ. නව සංස්කරනය සමග වීඩියෝ කථා බහකදී හමුවන දුර්වලතා විසදා ඇති අතර නව සබදතාවයක් සබදතා ලයිස්තුවට එක් කර ගැනීමපහසු කරවන සබඳතා ඉල්ලීම් යැවීම මෙන්ම ඒවා පහසුවෙන් දැක ගැනීමේ හැකියාව ඇතුලු පෙර හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක් සදහාම විසදුම් මෙම නව සංස්කරනය සමග වන බවටයි සටහන් වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...