2013-06-05

ගූගල් ග්ලාස් සමග භාවිතකරන්නෙකුට වෘතීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙකුගේ හැකියාව...

          ගූගල් ආයතනය තම ගූගල් ග්ලස් වෙත නිකුත්කර ඇති නවතම යාවත්කාලීනය සමග වඩාත් සුපැහැදිලි ඡායාරුවක් ලබා ගැනීමේ හැකියාවෙන් යුක්තවන බවටයි පවසා සිටින්නේ. යම් විටක ඡායාරුවක් ගැනීමේදී ඡායාරූ කිහිපයක් ගැනීමක් සිදුවන අතර ස්වංක්‍රීයව ඒවා එකි නෙක සැසදෙමින් හා පෑහෙමින් වඩාත්  නිවැරදි ඡායා රුවක් භාවිතාකරන්නා හට ලබා දීමට කටයුතු කරනු ඇති බවාටයි  ඔවුන් පවසා සිටින්නේ.ඔවුන් පවසන්නේ තව දුරටත් ඡායාරුවක අදුරු බව පිලිබදව භාවිතාකරන්නා හට පසු තැවීමට ඉඩක් නොමැති බවයි.එසේම චලනය වන යමක ඡායාරුවකද වඩාත් සුපැහැදිලි පෙනුමක් ලබාදීමට නව යාවත්කාලීනයත් සමග ගුගල් ග්ලාස් සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ. ආයතනය පවසන්නේ ගූගල් ග්ලාස් සමග භාවිතකරන්නෙකුට වෘතීය මට්ටමේ ඡායාරූප ශිල්පියෙකුගේ හැකියාව ලැබෙනු ඇති බවයි.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...