2013-06-03

පරිගණකයේ භෞතිකය ඉක්මවන අනන්‍යතවය පවෙන යුගයේ සපැමිනීම.......

                වින්ඩෝස් 8 ‍රැගෙන ආ නවාංග අතරින් ඔබගේ පරිගණක භාවිතා සැකසුම් පහසුවෙන් තවත් වින්ඩෝස් 8 පරිගණකයක් වෙතට ලබා ගැනීමේ හැකියාව කැපී පෙනෙන අංගයක් වූවාය. ඔබගේ නිවසේදී වින්ඩෝස්8 පරිගණකය මතවන සැකසුම් වටපිටාව පහසුවෙන් කාර්යාලයේදීද ලබා ගන්නට හැකිවීම පහසු හුරු පුරුදු භාවිතාවක් ඔස්සේ පෙර කටයුතු ඉදිරියට ගෙනයන්නට පහසුවක් වනු ඇත.ඔබගේ වින්ඩෝස් ලයිව් ගිනුමක් ඔස්සේ පරිගණකයේ ඔබගේ යුසර් ගිනුමට ඇතුලුවීම පමනක් මෙම පහසුව සදහා ඔබගේ වගකීම විය.
                       වින්ඩෝස් 8.1 පිලිබද නිල නොවන තොරතුරු වේගයෙන් අන්තර්ජාලය වෙත එක් වෙමින් ඇති මේ අවස්ථාව වන විට අලුතින්ම ලැබී ඇති ස්ක්‍රීන උපුටනයකට අනූව කියවෙන්නේ සමහරක් ඔබගේ පරිගණක තොරතුරු එනම් සමහර ඇප් සැකසුම් , ඊමේල ගිනුම් තොරතුරු , ප්‍රින්ටර සබදතා මෙන්ම වින්ඩෝස් 8.1 ස්ටාර්ට් ස්ක්‍රීනයේ සැකැස්ම  පහසුවෙන්ම ඔබගේ ස්කයිව් ඩ්‍රයිව් ගිනුම ඔස්සේ වින්ඩෝස්8.1 වෙනත් පරිගණකයක් වෙත හුවමාරුකර ගැනීමට හැකිවනු ඇති බවයි. පරිගණකයේ භෞතිකය ඉක්මවන අනන්‍යතවය පවෙන යුගයේ සපැමිනීම වඩාත් තහවුරු කරවෙන මෙම හදුන්වාදීම සහතික කර ගැනීමට මෙම මාසයේ අග භාගය වන විට නිකුත්වීමට නියමිත වින්ඩෝස් 8.1 බීටාවත් සමග හැකි වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...