2013-06-03

ඒසර් වෙතින් ඩොලර් 379ක වින්8 සහිත ටැබ් උපාංගයක්......

    ඒසර් වෙතින් අඟල් 8 ප්‍රමානයේ ඇටොම් ප්‍රොසෙසරයක් සහිත වින්ඩෝස්8 ටැබ්ලට් උපාංගයක් ඩොලර් 379ක මිලකින් යුතුව නුදුරේදීම නිකුත්වීමට නියමිත බවටයි ප්‍රකාශ වන්නේ. ඉන්ටෙල් ඇටොම්  'Clover Trail' Z2760 ප්‍රොසෙසරයක් 1.8 GHz හා අඟල්8 1280*800 තිරයකින් යුතු මෙම උපාංගය ගිගා බයිට 32 හා 64ක දත්ත ගබඩා පහසුවකින් සමන්විත වනු ඇති බවටත් මෙගා පික්සල් දෙකක ඉදිරිපස හා පසුපස කැමරාවකින්ද බ්ලු‍ටුත් 4.2 මයික්‍රොයුඑස්බී හා පුර්න යතුරු පුවරුවක්ද සහිතව නිකුත්වීමට නියමිත බවටයි පැවසෙන්නේ.
             Iconia W3  ලෙසට නම් වන මෙම උපාංගය පැය 8ක බැටරි ආයුකාලයකින් හා ග්‍රැම්ස් 540ක බරකින් හා මිලිමීටර 32ක ඝනත්වයකින් යුක්තවනු ඇති බවටයි එම ආයතන පවසන්නේ. වින්ඩෝස් 8 ප්‍රො සංස්කරනයක් සහිතව පැමිනෙන මෙම උපාංගය සදහා මයික්‍රෝ එස් ඩී කාර්ඩ් සමග මතකය වැඩිකර ගැනීමේ හැකියවෙන් යුක්තවනු ඇති බවටත් ඔවුන් පවසනවා.

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...