මීට මාසයකට පමන පෙර වින්ඩෝස්8 සදහා වන ස්කයිප් ඇප් සමග "වීඩියෝ මැසේජින්" පහසුමක එකතු කරන්නට මයික්රසොෆ්ට් සමාගම කටයුතු කරන ලදී. ගෙවී ගිය දිනයේදී මයික්රෆොෆ්ට් සමාගම නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටියේ වින්ඩෝස්8 සදහාවන ස්කයිප් ඇප් පහසුව සමග අධි පැහැදිලි මට්ටමේ වීඩියෝ පහසුව එකතුකරන්න තමන් කටයුතු කරන බවකි. ඔවුන් පවසා සිටින්නේ වීඩියෝ පනිවිඩය යවන උපාංගයේ තාක්ශනික හැකියාව සබදතාවයේ හැකියාව මෙන්ම ලබන උපකරනයේ හැකියාව මත මෙම පහසුව අත්විදීමේ අවස්ථව ලැබෙන බවයි.ආයතනය පවසන්නේ තම ඇප් ස්ටෝර්ව තුලින් මේ වන විට ලබා ගත හැකි යාවත්කාලීන කල ස්කයිප් ඇප් මෘදුකාංගය තුල වීඩියෝ මැසේජ් පහසුව සදහා නව දියුනු කිරීම් කිහිපයක්ද එකතුව ඇති බවයි.
ආයතනය වැඩි දුරටත් පවසන්නේ මීට අමතරව ස්කයිප් වින්8 ඇප් සමග හදුනා ගෙන තිබූ තවත් දුර්වලතා කිහිපයක්ම සකසන්නට තමන් කටයුතු කර ඇති බවකි. ස්කයිප් සබදතාවයක් ගොනැගීමට උත්සාහ කිරීමේදී හමුවූ ක්රෑෂ්වීම් මෙන්ම සබදතාවය තුල ගොනුවක් යැවීමේදී හමුවූ ගැටලු ඒවා අතර වන බවටයි ඔවුන් පවසන්නේ.