2013-06-04

වින්ඩෝස් 8 ෆෝන් සදහා ඇඩෝබි රීඩරය නිකුත්වේ....

          අඩොබි රීඩරය බහුල බාවිතාවක් ඇති මෘදුකාංගයක් ලෙසට සැලකේ.පසුගිය දෙසැම්බරයේ වින්ඩෝස්8 සදහා නිකුත්කල අඩොබි රීඩරය වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්ව තුල ඇති නොමිලේ භාවිතාකල හැකි ඇප්ස් අතර වඩාත් ජනංප්‍රිය ඇප් මෘදුකාංගයක් ලෙසට මේ වන විට පත්ව ඇති බවටයි ගනනය වන්නේ. ඇඩොබි ආයතනය මේ වන විට තම ජනංප්‍රිය පීඩීඑෆ් රීඩර මෘදුකාංගයේ වින්ඩෝස්8 ෆෝන් සදහා වන සංස්කරනය නිකුත්කොට තිබෙනවා.මෙය ඇඩෝබි වෙතින් වින්ඩෝස්8 ස්මාර්ට් ෆෝන් සදහා නිකුත්කල පලමු පීඩීඑෆ් රීඩර් සංස්කරනය ලෙසට නම් වන අතර එයත් සමග අවසර පද සහිත පීඩීඑෆ් ගොනු විවෘත කරන්නට සූම් හැකියාව උපුටන හැකියාව මෙන්ම නිශ්චිත වචන සෙවීමේ හැකියාව මෙන්ම හයිපර්ලික්ක් සබදතාවය සමග පහසුවෙන් වෙබ් අඩවියකට පිවිසීමේ හැකියාව හා බොහෝ පීඩීඑෆ් ගොනු වර්ග සමග සහයෝගයෙන් ක්‍රියාත්මකවීමේ හැකියාව සහිත බවටයි ඔවුන් පවසා සිටින්නේ.

Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...