2013-02-08

වින්ඩෝස් බ්ලූ තවමත් අපැහැදිලි ප්‍රෙහේලිකාවකි


වින්ඩෝස් බ්ලූ තවමත් අපැහැදිලි ප්‍රෙහේලිකාවකි. විටින් විට විවිධ මත පලවෙමින් ඇත. අලුත්ම මතයකින් පැවසෙන්නේ වින්ඩෝස් බ්ලූ යනු තවත් සාම්ප්‍රධායික වින්ඩෝස් යාවත්කාලීන්යක් නොවනු ඇති බවයි. එසේම එය හුදු වින්ඩෝස් 8 ප්ලැට්ෆෝමය නොව වින්ඩෝස් ෆෝන් ස්කයිව් ඩ්‍රයිව් හොට් මේල් ඇතුලු සමස්ථ සේවාන් සදහා ‍රැගෙන එන වෙනසක් වීමට ඉඩ ඇති බවකි. එම යාවත්කාලීනය බොහෝ විට සාම්ප්‍රධායික ලෙසට ලබාගැනීමට හැකියාවක් නොලැබෙන අතර වින්ඩෝස් 8 ඇප්ස් ස්ටෝර්ව හරහා ලබා දෙන ගොනුවක් වීමට ඉඩ ඇති බවටත් සදහන් වනවා.තවත් පුවතක් පවසන්නේ වින්ඩෝස්9 යනු තවදුරටත් වෙන්ව එන සංස්කරනයක් වනවාට වඩා දැනට වන භාවිතාවට විශාල වෙනසක් ‍රැගෙන එන යාවත්කාලිනයක් වීමට බෙහෙවින් ඉඩ ඇති බවකි. කෙසේ වෙතත් තවමත් මයික්‍රසොෆ්ට් ආයතනය මේ පිලිබදව තවමත් කිසිදු නිල නිවේදනයක් නිකුත් කොට නැති බවයි පැවසෙන්නේ.



Meta ගෙනෙන Movie Gen

  Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත  වීඩියෝ  (realistic-seeming)  නිපදවා   ගන්නට...