2013-02-08

ඇඩොබෙ ප්ලෑෂ් ප්ලේයරය සදහා අතිවැදගත් මට්ටමේ පිලිසකර යාවත්කාලීන නිකුත්වේ

ඇඩොබෙ ආයතනය හදුනාගත් අති වැදගත් මට්ටමේ දුර්වලතාවයන් දෙකක් ඉලක්ක කරගනිමින් සාමන්‍ය සැලසුම් වලට අමතරව පිලිසකර යාවත්කාලීන ගොනුවක් නිකුත්කර ඇති බවටයි වාර්ථා වන්නේ. වින්ඩෝස් මෙන්ම මැක් මෙහෙයුම් පද්ධති ඉලක්ක වෙමින් ක්‍රියාත්මක වන මෙම දුර්වලතාවයන් ඔස්සේ පහර දෙන්නන් භාවිතාකරවන්නන්ව වර්ඩ් ගොනු බාගත කරගැනීමකට පොලබවන අතර එහි අඩංගු ප්ලෑෂ් කෝඩ් ක්‍රියාත්මකවීමෙන් අනතුරුව සෆාරි හා ෆයර් ෆොක්ස් බ්‍රවුසරයන් වෙත පිවිස ඒවායේ පාලනය පැහැර ගන්නා බවටයි පැවසෙන්නේ.
                    කෙසේ වෙතත් ආයතනය පවසන්නේ ඉහත කී මෙහෙයුම් පද්ධති දෙකට අමතරව ලිනක්ස් හා ඇන්ඩ්‍රොයිඩ් සදහාද මෙම පිලිසකර යාවත්කාලීන වැදගත් වන බවටයි පැවසෙන්නේ.වැඩිදුරටත් සදහන් වන්නේ ක්‍රෝම් හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහා ස්වංක්‍රීයව යාවත්කාලීනයන් ලබා ගන්න මුත් අනෙකුත් භාවිතාකරන්නන්  පහත දැක්වෙන සබදතාවය ඔස්සේ එම යාවත්කාලීනයන් ලබා ගන්නට කටයුතු කිරීම ඉතා වැදගත් වන බවයි.
http://get.adobe.com/flashplayer/



Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...