යාවත්කාලීන අගහරුවාදා ලෙසින් නම් වන සෑම මසකම දෙවන අඟහරුවාදාට යෙදෙන මයික්රසොෆ්ට් මාසික යාවත්කාලීන ගොනුව නිකුත්කිරීමේ මෙම මාසයට නියමිත දිනයේදී නිකුත්කිරීමට නියමිත යාවත්කාලීන ගොනුවට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සදහාවන අතිශය වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් දෙකක් අඩංගුවීමට නියමිත බවටයි සටහන් වන්නේ. 12 වෙනිදාට නිකුත්වීමට නියමිත මෙම ගොනුවට යාවත්කාලීනයන් 12ක් අඩංගුවීමට නියමිත බවටත් ඉන් 5ක් පමන වැදගත් මට්ටමේ ඒවා වනු ඇති බවටත් පැවසෙන අතර මෙම සමස්ථ ගොනුව ඔස්සේ හදුනා ගෙන ඇති දුර්වලතා 57ක් ආවරනය වීමට නියමිත බවටත් පැවසෙනවා. වින්ඩෝස්7 සදහා වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් 5ක් හා වින්ඩෝස්8 සදහා වැදගත් මට්ටමේ යාවත්කාලීනයන් හතරක් ලෙසටත් ඒවා සමන්විත බවටයි සටහන් වන්නේ.