2012-08-26

වින්8 සමග භාවිතාකරන්නා දෙසට වැඩි ආක්‍රමනයක්......


"ස්මාර්ට් ස්ක්‍රීන් ‍ෆිල්ටර්" යනු වින්ඩෝස් 8 සමග පැමිනෙන්නට නියමිත නවාංග අතර කතාබහට ලක්වෙමින් ඇති තවත් නවාංගයකි. එය පරිගණකයේ ආරක්ශාව පිලිබද ක්‍රියාත්මක වන මෘදු උපාංගයක් ලෙසට නම් වන අතර මීට පෙර මෙහෙයුම් පද්ධති වල ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා මෘදුකාංගය සමග ක්‍රියාත්මක වෙමින් අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්නා මෘදුකාංගවල ක්‍රියා කාරීත්වය පිලිබදව විමසිල්ලෙන් සිටිමින් ඒවායේ අයහපත් හැසිරීම් වලදී භාවිතාකරන්නා ආරක්ශාකර ගැනීමට ක්‍රියාත්මකවූ මෘදුකාංගයක වැඩි දියුනු කල සංස්කරනයක් ලෙසට සදහන් වේ.
                                   ඔනෑම නව මෘදු යෙදවුමක් පලමු වරට භාවිතාකරන්නට යන විට එය පිලිබදව සැලකිලිමත්වෙමින් ප්‍රතිචාර දැක්වීම මෙම මෘදුකාංගයේ යහපත් ගුනාංගය ලෙසට නම් වන විට තවත් දෙසකින් විචාරකයින් පවසන්නේ වින්ඩෝස් 8 සමග භාවිතාකරන්නෙකු ක්‍රියාත්මක කරවන සියලුම පාහේ මෘදු යෙදවුම් පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනය තොරතුරු ‍රැස්කිරීමක යෙදෙන්නට අවස්ථාව ලැබෙන බවයි.මේ පිලිබදව පිලිබදව අදහස් දක්වමින් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ බොහෝ සේවාවලදී මෙන් අප තාවකාලිකව "අයි.පී" ලිපිනයන් ගබඩා කරගන්නා මුත් එම දත්තයන් සමග භාවිතාකරන්නාගේ වැඩිදුර තොරතුරු නොරදවා ගන්නා බවත් එම තොරතුරු ඉලක්ක ගත වෙළඳ දැන්වීම් සදහා හෝ තෙවන පාර්ශවයක් වෙතට ලබා නොදෙන බවයි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...