2012-08-30

දත්ත මිනිසා............





මද කදුගැටයක් මත පිහිටි විශාල තැනිතලාවක් මත එය පිහිටා ඇත.සමාන්තර දුරකින් පිහිටි ඉම සලකුනු හැරෙන්නට වෙනත් කිසිදු බාදකයකින් එම භූමිය සෙසු ලෝකයෙන් වෙන්කර නොතිබුනාය. ඝන දැවයෙන් නිමකරන ලද ඉන්දියානු සාම්ප්‍රධායික තොරණකින් පිවිසුම් ස්ථානය පමනක් වෙන්කර දක්වා තිබිනි. එහි ඉහලින්ම මෙම ආයතනයේ නිලනාමයට යටින් භාවිත නාමය සදහන්ව තිබුනේ "බුද්ධියේ ‍තෝතැන්න" ලෙසය. එතැන් සිට මීටර සියයක් පමන වන තෙක් පිහිටා ඇත්තේ විශාල අර්ධ කවාකාර වීදුරු කුටියකි. පෙරකී පිවිසුම් දැව දොර‍ටුවත් එම වීදුරු කුටියත් අතර වන හිඩසෙහි දෙපසම පිහිටි විශාල දැන්වීම් පුවරුවල මෙසේ සටහන්ව තිබිනි." ඔබ සැම සාදරයෙන් පිලිගනිමු. ඔබ පිවිසෙමින් සිටින්නේ පෘතුවි බුද්ධි ආකෘතියේ දෙවන තලයටයි.ඔබගේ පිවිසුම මෙවැනි උදාහරනයකින් පහදා දෙන්නට මම කැමැත්තෙමි.එනම් ඔබගේ පෘතුවි සංචාරය රසවත් කෑම වේලක් නම් හුදෙක් රසවිදින්නන්ගේ තත්වයේ සිට එහි "රෙසිපිය" හදාරන්නන්ගේ තත්වයට ඔබ පත්වෙමින් සිටී. කෙටි කලකින් "එය " වඩාත් රසවත් හා ගුනවත් බව සදහා සංසෝදනය කරන්නෝ බවට ඔබලා පත්වීම මගේ ආදරනීය පැතුමයි. සැ.යු. ඔබේ ටිටාව නිවැරදිව පැලදගන්න. සම්පූර්නයෙන් සංක්‍රීයව තබා ගන්න. ස්තුතියි. මම ටීටා"

http://siriwansa.com/DataMan.php


Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...