2012-05-22

ගූගල් ක්‍රෝම් ලොව වැඩිම භාවිතාවක් ලබයි.....


හදාරන්නන් පවසන්නේ ගතවී ගිය මාර්තු මසයේ  ගූගල් ක්‍රෝම් වෙතින් එක්දිනකට සීමාවූ වාර්ථවක්වූ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉක්මවා යාම මේ වන විට වඩාත් ස්ථාවර ස්වරූපයකින් වාර්ථා කරමින් සිටින බවයි. මේ වන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා භාවිතය සියයට 31.94 වාර්ථා වන විට ක්‍රෝම් 32.76 ලෙසට වාර්ථා කරමින් ලෝකයේ වැඩිම භාවිතාවක් සහිත බ්‍රවුසරය බවට පත්වෙමින් සිටින බවයි.
           මීට වසරකට පමන පෙර සලකන විට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සියයට 49 වාර්ථා කරමින් ඉදිරියෙන් සිටි අතර මොසිල්ලා ෆයර්ෆොක්ස් 29ක් ද ක්‍රෝම් 19ක්ද වාර්තා කරමින් සිටිනු ලැබුවා.ඒ අනූව වසරක් තුලදී ක්‍රෝම් සියයට 13 ඉදිරියටත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සියයට 12 අවප්‍රමාන වීමක් සහ ෆයර් ෆොක්ස් සියයට 4 ක අව ප්‍රමාන වීමක් දක්නට ලැබෙන බවටයි එම වාර්ථා පවසන්නේ.
                      එක්සත් ජනපදය තුල සලකද්දී තවමත් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා ඉදිරියෙන් සිටින අතර සියයට 37ක භාවිතවක් ලබා ගන්නා විට පිලිවලින් ගූගල් ක්‍රෝම් හා ෆයර් ෆොක්ස් සියයට 23ක් හා 22 ලෙසට සටහන් වෙමින් පවතින බවටයි එම වාර්ථා වැඩිදුරටත් පවසන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...