2012-05-21

මයික්‍රසොෆ්ට් සමාජ ජාලාව මුදා හැරේ......

මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා තම අත්හදා බැලීමේ තත්වයේ පවතින තවත් ව්‍යාපෘතිය වන සමාජ ජාලා අඩවිය so.cl මේ වන විට සාමාන්‍ය භාවිතාකරන්නන් සදහා විවෘත වෙමින් පවතින බව.විචාරකයින්ට අනූව මෑතකාලයේ සයිබර් බලවතුන් හුදු සෙයුමක සීමාවේ සිට භාවිතාකරන්නන්ගේ දෛනික අවශ්‍යතා සමග වැඩි වැඩියෙන් ඔවුනගේ ජීවිත විනිවිද  යන්නට උත්සාහ කරනු දක්නට ලබෙන බව පවසන අතර සමාජ ජාලා අවකාශය මෙම නැබුරුතාවයට වැඩි ගැලපීමක් දක්නට ලැබෙන බව පැවසෙනවා. මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ මෙම නව අඩවිය පවතින සමාජජාලා අඩවීන් සමග තරගයකට එලබෙන්නට උත්සාහ කරනවා වෙනුවට  එම අඩවීන් සමග  එකගතාවයකින් කටයුතු කරනු ඇති බවයි. "වෙබ් අවකාශයතුලින් වඩාත් සාර්ථකව තොරතුරු සොයා ගන්නට මෙන්ම පහසු වෙන් ඒවා තම හිතවතුන් අතරේ බෙදහදා ගන්නටත් සහයවීම අපේ අරමුනයි.." වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා."video parties"  නවාංගය තුලින් සජීවීව වීඩියෝවන් බොදහදා ගැනීමට හොද සහයක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු පලවන අතර "ආරාධනා කිරීම් මූලික" පිලිවලක් මත දැනට මෙම අඩවිය සදහා සම්බන්දවිමට හැකිවනු ඇති බවටයි ආයතනය පවසන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිස ඔබගේ ගිනුම විවෘතකරගැනිමට හැකිවනු ඇත.

http://www.so.cl/

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...