ආලෝකමත් සැදෑව මතින් ගලායන සිසිල් සුළඟ සිත කය මතට කැදවන්නේ ශාන්තිමත් සංසුන් බවකි. නගරයේ ගතකරන අවසාන දින කිහිපය ගෙවෙමින් යයි. ඊයේ කලාගාරයේ පැවති සිතුවම් දැක්මකට ගොඩ වුනෙමි. ජර්මානු ජාතික ශිල්පියෙකුගේ අපූර්ව ජීවිත අත්දැකීම් අප සමග බෙදාගන්නට එහි තිබින.
" සංස්කෘතිය කියන්නේ මිනිස් මනසකට හමුවන විශාලතම සිතුවමයි. සමහර වෙලාවට වසර දහස් ගනනක මිනිස් පරම්පරා බොහොමයක් ඔස්සේ ජීවිත අපමනක සංස්කරනයක් වන නිසා තනිමනසක් ඔස්සේ සංස්කෘතිය කියන චිත්‍රය විදගන්නට අපහසු වෙන්නට පුලුවන්.." කලාගාරය පසකින් වන විශාල රුක්ෂය වටා රලුවට ඉදිකර ඇති දැව අසුනක සිට ඔහු පවසයි. අපිරිසිදු නොවුනද තැලී පොඩිවී ඇති ඇදුම් පැලදුම් පවසන්නේ ඒ දිනය ඔහුගේ ජීවිතයේ වැදගත් දිනය කැයි ඔහු නොසලකන බවවිය යුතුය.මම ප්‍රශ්න කලෙමි."මමත් මේ සිතුවම් දැක්ම බලන්නට ආ තවත් මිනිසෙක් පමනයි" මද සිනාවක් සමග ඔහු පවසයි.
එරට නෙක ප්‍රභූවරුන් කිහිපදෙනෙකුම මා එහි ගතකලකාලය තුල එහි පැමිනියාය. සමහරක් අය වෙත ආරාධනා පත්ද රැගෙන පැමිනි මුත් පිලිගැනීම් වැනි අරුමෝසම් කිසිවක් එහි නැත.සමහර ප්‍රභූවරුන් ඔහු සොයා ගෙන පැමින සුබපතා ආපසු ගියාය. තවකෙක් අමුත්ත්න්ගේ සටහන් ගොනුවට තම අදහස් තබනු දුටුවෙමි.තවත් අයෙක් සුබපතමින් පසකින් ඇති කලාගාරයේ ආරක්ශිත විදුරු භාජනයට මුදල් දමනු දක්නට හැකි විය.
" මම හිතන්නේ අපි සැබෑවට අප වටා ඇති අවාසනාවන්ත යථාර්තයන් යලි ප්‍රතිනිර්මානය කරන්නට අපේ කලාවන් යොදා නොගත යුතුයි.ඉන් ඔබ්බට වන දැක්මක් ඔබගේ නිර්මානයයෙන් ප්‍රකට නොවන්නේ නම් ඒක මහ විහිලුවක් කියලයි මම හිතන්නේ..."