වසරකට පමන පසුව ආශ්‍රම භූමියෙන් නගරය වෙත පැමිනියෙමි.ප්‍රධාන නගරය ආශ්‍රිත සංසුන් පරිසරයක තාවකාලිකව නවාතැන් ගත්තේ දින කිහිපයක් නගරයේ රැදී සිටින්නට බලාපොරොත්තුවෙනි. ප්‍රධාන රඟහලවල් දෙකෙහිම සම්භාවනීය නාට්‍ය කරුවන් දෙදෙනෙකුයේ නිර්මානවල නව නිශ්පාදන මේ දිනවල රඟදැක් වෙන බව දැන ගත් මොහොතේ සිටම හෝරා දෙකක් පමන වැය කොට ප්‍රවේශ පත්‍ර දෙකක් මිලදී ගත්තේ මහත් ආයාසයෙනි.වරක් ජර්මානු ජාතික වේදිකා නාට්‍ය රසවතියක්වූ මගේ මිතුරියක් මා මිලදීගත් නාට්‍ය පිටපත් කෘතියක තැබූ සමරු සටහනක් සිහිපත්වේ."වේදිකාව අපමනක් ජිවිත හැඩතල සගවා ගෙන සිටින ජීවියෙන් පිරි අපූරු ප්‍රදේශයකි. සිනමාව සංගීතය නැතිනම් චිත්‍ර ශිල්පය මෙන් නොව මෙහි සීමාව ඔබේ මගේ නැතිනම් අප සියල්ලන්ගේම ජීවිතයයි.ජීවිත සංචාරයේ අපූරත්වය වෙනත් කොතැනකදීටත් වඩා එක් තැනකදී රස විදින්නට නම් මෙහි ඔබ ආයුතුමය....."
ඇය මට හමුවූ අපූරුතම මිතුරියක වූවාය. සාමාන්‍යයෙන් හමුවන මිනිසුන් මෙන් නොව ඇගේ ජීවිතය මහත් සැහැල්ලු ලිහිල් බවකින් යුක්ත වූවාය.දරාගත නොහැකි තරමේ ඉන්ද්‍රීය අශාවල් වලින් හැල්මේ දුවන්නියක නොවුවාය.මෘදුකාංග විෂය මත දේශන කිහිපයකට පැමින සිටි ඇය විවේක හැම විටකම නගරයේ කලාගාරයක චිත්‍ර මූර්ති දැක්මක් , නාට්‍යදැක්මක් සමග කාලය ගතකරන්නට වැඩි කැමැත්තක් දැක්වූවාය.සමහර රාත්‍රීන්වල එම අධ්‍යාපන භූමියට ඔබ්බෙන් වූ ප්‍රධාන මාවතේ පහන් කනු අතරින් නිදහසේ අප ඇවිද යන්නට පුරුදුව සිටියාය. කුඩා අවන්හලකින් ආහාර ගන්නා අප බොහෝ වෙලා යනතුරු විවිධ විෂයන් ගැන කතාබස් කරමින් සිටින්නෙමු. ඇයට දත්ත උපකරන , මෘදුකාංග ක්‍රමවේද මෙන්ම වේදිකාව සංගීතය අතර මහත් පරතරයන් නොවූවාය.කොටින්ම ඇය විෂය ආකෘතියේ ගොදුරක් නොව ඇගේ සරල ජීවිත ආකෘතියේ සොඳුරු අනසක යටතට එම විෂය කැදවා ගෙන සිටියාය.