2012-02-07

යතුරු පුවරුව තුල හෝ අග සිට දත්ත පැහැර ගන්නා උපාංගයක්......

දත්ත සොරා ගැනීමේ අවස්ථා බොහොමයකි.ඔබ සයිබර්  කැෆේ එකක් තුලදී පමනක් නොව පොදු පරිහරන අවස්ථ ඇති ඔනෑම තැනකදී  සරලව ගොදුරුවිය හැකි එවන් අවස්ථාවක් පිලිබදව මදකාලයකට ඉහතදී පටන් කථා බහට ලක්වනු දැකිය හැකි විය."කීලොගර්" මෘදුකාංගයන් පිලිබදව එහි එක් කොටසකින් කියවේ. ඔබ යතුරු පුවරුව මතින් කරන යතුරු හැසිරවීම් රටා තවකෙකු අතට පත්කරගන්නට පහසු ක්‍රමයක් ලෙසට මෙය හැදින්වේ.දෘඩාංග ආකාරයටද මෙම දත්ත පැහැර ගැනීම සිදුවන බව සමහර විටක ඔබ නොදන්නවා වන්නට පුලුවන.
                         දෘඩාංග කොටසක් ලෙසට නිර්මානය කර ඇති මෙම උපාංගයන්  ඔබගේ යතුරු පුවරුව තුලම හෝ යතුරු පුවරු ‍රැහැන පරිගණක පද්ධතියට සවිකරන ස්ථානයේ මැදි උපකරනයක් ලෙසට භාවිතා විය හැකි ලෙසට නිමවී ඇති බවටයි තොරතුරු පලවන්නේ. විවිද හැඩයන් හා වර්නයන්ගෙන්  නිමවී මෙම උපාංග වෙළද පොලට එන බවටයි පැවසෙන්නේ.එක නිශ්පාදකයෙකු පවසා තිබුනේ තම නිෂ්පාදනය යතුරු හැසිරවීම් 500,000 දක්වා නැතිනම් සටහන් පි‍ටු 200 දක්වා මතකයේ තබා ගත හැකි අතර ඒ සදහා කිසිදු මෘදුකාංග මැදිහත්වීමක් සිදු නොවන බවයි. එසේම කිසිදු මෘදුපිරික්සුම් වැඩසටහනකටද හසුනොවන බවයි. මූලිකව පරිගණකය ක්‍රිකාකාරීත්වයේ වෙනසක් නොහැගෙන පරිදි ක්‍රියාත්මක වන මෙම උපකරනයෙන් "බයෝස්" අවසරපද පවා මතක තබා ගන්න බවටයි පවසන්නේ.
            

AI මූලික Search Engines

AI වෙතට වන වන අවධානය නෙක තොරතුරු අවකාශ මත කැපී පෙනෙමින් තිබේ. search engine වලට AI සංයුත්ත වීම් ක්‍රමයෙන් අවධානය ලබා ගන්නා කරුනක් වෙමින් ඇති...