2012-01-02

ඔබේ සංස්කෘතික ආඩම්බරය නිසාම අසංවේදී වන මනසට මග හැරෙන...

ආශ්‍රම භූමිය මහත්සේ නිහඬය. පෙර දිනයේ දහවල වනවිට සාම්ප්‍රධායිකව කාලන්තරයක් තිස්සේ පවත්වාගෙන එනු ලබන දහම් උත්සවය අවසන් වන ලදී. සරු අවැන්න ලැබූ අය තම අව්වැන්නෙන් කොටසක් ගෙනවිත් ආශ්‍රමයේ ආහාර ගබඩාවේ ගොඩ ගසන අතර නෙක හේතූන් නිසා අසාර්ථක වූ ගම් වැස්සන් විත් මීලග අස්වැන්න ලැබෙන තෙක් තම අඩුවැඩිය පිරිමසා ගන්න ආහාර ගබඩාවෙන් දෑ ‍රැගෙන යන්නේ කිසිවෙක් ගෙන් නොවිමසාය.අපූරුතම දේ නම් ධාන්‍ය ගෙනෙන ලද අය ආඩම්බර මුහුනකින් නොසිටිනවා සේම ඉන් ‍රැගෙන යන්නන් යටහත් පහත් මනසකින් නොහැසිරීමය.ආශ්‍රම භූමියට එන යන සියල්ලෝ එක සමාන වන්නේ කාගේවත් අන පරිදි නොවීම දියුනු සංස්කෘතිවලින් මෙහි ආගිය බොහෝ විද්වතුන්ගේ විමතිය අවදිකල කාරනාවක් විය.
     වරක් අප විශ්ව විද්‍යාලයට ආරාධිත දේශනයකට පැමිනි සාම්ප්‍රධායික දැනුම පිලිබද විද්වතෙකු පවසා සිටි කරුනක් නිතැතින් සිතට නැගේ." සමහර භූ ප්‍රදේශවල එහි පිහිටීමේ රටාවල් නිසාම අපූරු ස්වභාවයන් හිමිකර ගනී. එහි ජලය හා සුලගේ චලනයන්වල රටාවල් නිසා  අවදි වන ශක්තිය එහි වෙසෙන ගස්වැල් සතුන් සිව් පාවන්ට පමනක් නොව මිනිසුන්ට පවා වෙනස් ආකරයක ජීවිතයන් ‍රැගෙන එන ආකාරය බොහෝ හැදෑරීම් තුලින් මා වටහා ගෙන තිබේ".  ඔහු තම දේශනය අවසන් කලේද තවත් අපූරු වැකියකිනි. එයනම් "ඔබේ සංස්කෘතික ආඩම්බරය නිසාම අසංවේදී වන මනසට මග හැරෙන බොහෝ අපූරු කාරනා බොහොමයක් ඔබ අවටම ඇති බව කරුනාකර අමතක නොකරන්න..."

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...