2012-01-01

ගූගල් වෙළඳ දැන්වීම් රටාවට මද වෙනසක්...

ලොව ජනප්‍රියතම සෙයුම් යන්ත්‍රය සේ සැලකෙන ගූගල් සෙවුම් යන්ත්‍රයට සමාන්තරව ක්‍රියාත්මක වන , වසර 2000 පමන හදුන්වාදෙන ලද වෙළඳ දැන්වීම් කලාව මෙතෙක් කල් සමන්විත වූවේ වචන මූලික සටහනකින් පමනක් වන අතර භාවිතාකරන්නන් අදාල සබදතාවයන් අවදිකිරීම් ප්‍රමානයට අදාලව දැන්වීම හිමි ආයතනයෙන් අයකිරීම් කරනු ලබන්නක් සේ මෙතෙක් කල් ක්‍රියාත්මක වන ලදී.
   පලවන නවතම පුවතකට අනූව ගූගල් ආයතනය එම දැන්වීම් කලාවට මද වෙනසක් ‍රැගෙන විත් ඇති බවටයි පැවසෙන්නේ. මින් පෙරදී නම් යමෙකුට එම වෙළඳ දැන්වීමට අදාලව තවදුරටත් විස්තර අවැසිනම් එම වෙළඳ දැන්වීමට අදාල වෙබ් අඩවියටගොස් එහිදී ඔවුන්ගේ ඊමේල ගබඩාවට තම ඊමේල ලිපිනය ලබාදිය යුතුව තිබුනු මුත් නව වෙනසත් සමග පහත දැක්වෙන අයුරින් එම වෙළඳ දැන්වීමත් සමගම අදාල සමාගමේ ඊමේල දත්ත ගබඩාවට තම ඊමේල ලිපිනය පහසුවෙන් ලබාදීමේ පහසු කමින්ද යුක්තවන ලෙසට සකස්ව ඇති බවටයි පැවසෙන්නේ.ගූගල් ආයතනය පවසා සිටින්නේ මෙය තවමත් අත්හදා බැලීමේ මට්ටමින් ක්‍රියාත්මක වන බවයි.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...