2012-01-01

පරිගණක පද්ධතියක ක්‍රියාකාරීත්වය හදුනා ගැනීම ඔබගේ අවශ්‍යතාවය වනවිට ඒ සදහා ඇති හොදම ක්‍රමවේදය වන්නේ එහි මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වනයුරු වටහා ගැනීම බවයි පිලිගැනීම වන්නේ.  එයට හේතුව නම් සමස්ත පරිගණකයේ මූලික පාලකයා වන්නේ එහි මෙහෙයුම් පද්ධතිය වීමය. එනම් පරිගණක පද්ධතිය සතු සියලු දෘඩාංග මෙන්ම මෘදුකාංග කොටස් සියල්ල ක්‍රමානු කූලව පාලනය කරමින් අදාල ඉලක්කය වෙත  පරිගණකය  මෙහෙවීමේ වගකීම මූලිකව හිමිවන්නේ මෙම මෙහෙවුම් පද්ධති වෙතටයි. පරිගනකය සතු සියලු දෘඩ කොටස් මෙන්ම සියලු දත්ත ගොනු, මතකය කලමනාකරනය කිරීම පමනක් නොව පරිගනකයේ ක්‍රියාත්මක රිද්මය ‍රැකදෙන නැනෝ මට්ටමේ කාල පරතරයන්ගෙන් එකකුදු අත පසුවන්නට ඉඩ නොදෙමින් මෙහෙයුම් පද්ධති තම කාර්යභාරය මනාව ඉ‍ටු කරයි.
                                        ඔබ පරිගණකය වෙත ලබා දෙන විධානයක් නියමිත පරිදි ක්‍රියාත්මක වීමට අදාල මෘදු හෝ දෘඩ කොටස් මනාව කලමනාකරනය කරමින් භාවිතාකරන්නාගේ ඉලක්කයවෙත පරිගණකය මෙහෙයවීම හෝ ගැටලු සහගත තත්වයකදී අදාල නොහැකිවීම් පිලිබදව භාවිතාකරන්නා දැනුවත් කරමින්ද ක්‍රියාත්මක වන මෙහෙවුම් පද්ධතියේ සංකීර්න ක්‍රියාකාරීත්වය හැදෑරීමේ පහසුව තකා පහත දැක්වෙන පරිදි කොටස් හතරකින් දැක්විය හැක. එනම්  (1) ප්‍රොසෙසර් මැනේජර් (2) මෙමරි මැනේජර් (3) ෆයිල් මැනේජර් හා (4) ඩිවයිස් මැනේජර්  ලෙසටය. සියලු මෙහෙවුම් පද්ධති වලටම පොදු ලෙස මෙම කොටස් කිරීම හදුනා ගත හැකිවන අතර මේවා ඉතා සමීපව එකිනෙක අතර  කටයුතු කරන අතර මේවා පදනම් ලෙස සලකමින් පිරිමීඩයක් ගොඩ නැගුව හොත් එහි ඉහල කෙරවල "යුසර් ඉන්ටර්ෆේස්" ලෙසින් හදුන්වන භාවිතාකරන්නා ගේ පිවිසුම් කවුලුව ලෙස දැක්විය හැක.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...