මීට වසර 15කට පමන පෙර සලකන විට සාමාන්‍ය භාවිතාකරන්නන් හා පරිගණක පද්ධති අතර වූවේ අල්ප සබදතාවයන්ය.ඒව අතර පරිගනක ආශ්‍රිතව ෆෝරමයක් පිරවීම, බිල් පතකක් ගෙවීම, පරිගනකයක් ආශ්‍රිතව ප්‍රශ්න පත්‍රයකට පිලිතුරු සැපයීම වැනි සරල කාරනාවලින් සමන්විත විය.මීට වඩා සංකීර්න පරිගණක ආශ්‍රිත කාරනා සදහා භවිතාකරන්නා සතුව පුලුල් දැණුමක් තිබීම අනිවාර්ය විය.මයික්‍රො කම්පියුටරයේ සපැමිනීම මේ සියල්ල වෙනස්කර දැමුවේ ඉතා කෙටිකාලයක් තුලදීය.අද වන විට සරල පහසු භාවිත හැකියාවන් රැගෙන සාමාන්‍ය ජීවිත වෙතට බොහෝ පහසුකම් රැගෙන පරිගණකය පැමින ඇත. එය කැල්කියුලේටරයක් නැතිනම් රූපවාහිනි යන්ත්‍රයක් තරමට සාමාන්‍ය ජීවිතයට පිවිස ඇත. තවත් අතකින් එය අනකුත් බොහෝ උපකරන වලට වඩා පුලුල් වපසරියක හැකියාවන් භාවිතා කරන්නා වෙත රැගෙන විත් ඇත. ඔබ වෛද්‍ය වරයෙකු වේවා,නාට්‍ය ශිල්පියෙකු වේවා , කාර්යාල ලිපිකරුවෙකු වේවා කොටින්ම සමාජයේ පවතින කිනම් ආකාරයේ වෘතිමය ජීවිතයක් ගත කලද එම වෘතිමය ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය විනිවිද ගොස් ඇති පරිගණකය ආශ්‍රිත පහසුකම් වලින් සැගවි සිටින්න නොහැකි වී ඇත. දත්ත සැකසීමේදී මෙන්ම සංනිවේදන උපකරනයක් ලෙස එය මිනිස් සබදතා අතරට වෙනස් මානයක් රැගෙන විත් ඇත. සමාජ ජාලා , ඊ මේලයන් , ඊ කොමර්ස් වැනි භාවිතාවන් මෙන්ම එක්ස් බොක්ස් වැනි නවීනතම භාවිතාවන් තවදුරටත් ඉදිරි ජීවිත වෙනස් කරන සීමාවන් පිලිබද පෙර නිගමනයකට පිවිසිය නොහැකි වනු ඇති බවට දැනට මත් ඉගි පලකරමින් සිටී. සරලව පවසන්නේ නම් පසුකර ඇති කාලය තුලදී එය අප ජීවිත වෙත ගෙන ආවාට වඩා මහත් සේ තීරනාත්මක වෙනස්කම් හෙට දිනයේ අපවෙත රැගෙන එන්නට සූදානම් බවක් පල කරමින් සිටී.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...