2012-01-02

සයිබර් අවකාශය හා ඔබේ ස්මාර්ට් දුරකතනය අතර වන පරතරය අවම වනු ඇත.....

ලොව මොබයිල් දුරකතන භාවිතාකරන්නන්ගෙන් සියයට 43 පමන ස්මාර්ට් මට්ටමේ ජංගම දුරකතන භාවිතකරන බවටයි පැවසෙන්නේ. පෙරදී ඩේස්ටොප් පරිගණකයෙන්  ලබා ගත පහසුකම් සියල්ලක්ම පාහේ ජංගම දුරකතනවලින් දැනමත් ලබා ගන්නවා හෝ නුදුරු අනාගතයේදීම ලබාගන්නට හැකිවනු ඇති බවට සලකුනු පහල වෙමින් තිබේ. දැනටමත් වෙබ් අඩවි අතර සරන්නට පරිගණක ක්‍රීඩා කරන්නට මෙන්ම චලන පට නරබන්නට මෙම උපකරන යොදා ගැනීම බහුලව සිදුවෙමින් පවතින බවටයි තොරතුරු පලවෙන්නේ. හදාරන්නන් පවසා සිටින්නේ මෙම වසර අවසානය වන විට සාම්ප්‍රධායික පරිගනක අලවිය ඉක්මවා ස්මාර්ට් දුරකතනවල අලවිය ඉහලට අනු ඇති බවයි.
                                                         දැනට භාවිතාවන සාම්ප්‍රධායික ලිතියම් අයන් බැටරිය මෙන් 20 ගුනයක පමන බලයක් රදවාගත හැකි නැනෝටෙක් බැටරීන් පිලිබදව පසුගිය සැප්තැම්බර් මාසයේ සිංගප්පූරු විශ්ව විද්‍යාලයකින් නිවේදනය වුනා.ප්‍රමානයෙන් කුඩා පරිගණක උපකරන ප්‍රචලිත වන්නට තවත් බාදාවක් ලෙස නැගීසිටි වැඩි බලයක් සහිත බැටරියක අවශ්‍යතාවය විසදෙමින් ඇති බවට එය විස්වාසය තැබිය හැකි සලකුනු මතුවෙමින් පැවතීම ජංගම මට්ටමේ පරිගනක උපකරන වල බහුල භාවිතය ප්‍රචලිත වන්නට හෝද සාදකයක් වනු ඇත.
                                                      සයිබර් අවකාශය හා ඔබේ ස්මාර්ට් දුරකතනය අතර වන පරතරය අවම වනු ඇත. බොහෝ විට ඔබගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකවන සබදතාවයන් පමනක් නොව අදාල අවස්ථාවලදී ස්වක්‍රීයව සයිබර් අවකාශය සමග සම්බන්දවී අදාල තොරතුරු ඔබවෙත ගෙන ඒමේ තාක්ශනය වඩත් ප්‍රචලිත වනු ඇත.සරල උදාහරනයක් නම් ඔබ ඔබගේ බැංකුව වෙත ලගා වෙත්ම දිනයට නියමිත බංකු කටයුතු මෙන්ම ගිනුම් වල තත්වයන් දක්වමින් තීර්න ගැනීමට සහයවීම දැක්විය හැක.
                                                  නිරන්තරයෙන් වෙනස් වියහැකි ඔබගේ සෞක්‍ය දත්තයන් හා ඔබගේ වෛද්‍යවරයා අතර පරතරය අතරට ස්මාර්ට් දුරකතනය පැමිනෙනු ඇති බවට තොරතුරු පලවෙමින් පවතිනවා.එක දෙසකින් ඔබගේ ආහාර රටා පිලිබදව මතක් කරදෙමින් ,ව්‍යායාම රටා මතක්කර දෙමින් ඔබට සෞක්‍ය සහයකයෙකු වනු ඇති අතරම සරල අමතර උපකරන ආධාරයෙන් සිරුරේ තත්වයන් පිලිබදව අදාල දත්තයන් වෛද්‍යවරයා වෙතට යොමුකිරීමේ කාර්යයද එය භාරගනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
                                      අගල් 7 තිරයක් සහිත ඔබේ ජංගම උපකරනයක් පිලිබදව සිතිය නොහැකි වන්නේ අද සාමාන්‍ය භාවිතයට සාපේක්ශවය. සාර්තක අත්හදා බැලීමේ තත්වයේ ඇති නම්‍ය තිරය එම ගැටලිව විසදනු ඇත. සරලව පවසන්නේ නම් භාවිතයෙන් පසුව රෝල් කොට සාක්කුවක බහලාගෙන යාහැකි තිර වෙලද පොලට පැමිනීමත් සමග සුලු කටයුත්තක් වනු ඇත.

WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.

WhatsApp  නිවේදනය කරන්නෙ තමන්  Android KitKat (Android 4.4)  මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...